(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අභියාචන පෙත්සම යළි සලකා බැලීම මාර්තු මස 9 වැනිදා කැඳවන ලෙස කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය අද (15) නියෝග කළේය.

ෆ්‍රෑන්ක් ගුණවර්ධන සහ සමන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (15) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් තමන්ගේ වන්දි අයකර දෙන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ ගොනු කර ඇති නඩු නිෂ්ප්‍රභ කොට තමන්ට සියලු චෝදනාවලින් මුදාහරින ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අභියාචන අභියාචනා පෙත්සම ගොනු කර ඇත.

කොළඹ දිසා අධිකරණය පවතින නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවත් එම චෝදනාවලින් තමන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීතිඥවරුන් කොළඹ දිසා අධිකරණය හමුවේ මූලික විරෝධතාවයක් මතු කරනු ලැබ තිබුණේ ජනවාරි මස 7 වැනිදාය. එහිදී අධිකරණය එම මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළේය.