(රන්ජන් කටුගම්පල සහ මනෝ පිය ගුණසේකර)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව කියමින් ගොනු කොට ඇති පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙ පෙනී සිටින ලෙස එනම් දෙමින් තමන්ට නිකුත් කර ඇති සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනුකර තිබෙන රිට් පෙත්සම ලබන 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරු ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළේය.
පෙත්සම සලකා බැලීම සඳහා එදින කැඳවන ලෙස විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.
මෙම පෙත්සමට අදාළ නොතීසි නීතිපතිවරයා වෙත යැවීමට කටයුතු කරන ලෙස විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වය ට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd