
(මුදිතා දයානන්ද)
2015 -2019 කාලවකවානුවේ දී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරයකු ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට හිමි වාහන ප්‍රමණය ඉක්මවා වාහන 24ක් භාවිත කර ඇතැයි විගණන වාර්තාවක් කියයි.
ඒ අනුව සෞඛ්‍ය කැබිනට් ඇමැතිවරයා වාහන දහසයක් ද රාජ්‍ය අමාත්‍යවරයා වාහන අටක් ද වැඩිපුර භාවිත කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව ඇමැතිවරුන්ට හිමි ඉන්ධන කෝටාව ඉක්මවා මෙම කැබිනට් ඇමැතිවරයා ලක්ෂ 20ක ද රාජ්‍ය අමාත්‍යවරයා ලක්ෂ 40ක ද අමතර වාර්ෂික ඉන්ධන දීමනාවක් ලබාගෙන ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදුකර නැති බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 74 ක ශාපයෙන් අන්ශුමාත්ත්‍රාවක්,
2015-2019 විතරක් නෙමෙයි, දැනුත් එහෙම තමයි.. ඇයි නන්දසේන නිකන් ගෙයක් දීලා තියෙන්නේ..?
දඬුවම් දෙන්නෙත් නැතිනම්, නැවත අයකරගන්නෙත් නැතිනම් ඔය විගණනයට වියදම් කරන සල්ලිවල ඵලක් නැහැ නේද?
හිටපු ඇමතිවරු විතරක් නෙවෙයි ,හිටපු සහ ඉන්න හැම දූෂිත දේසපාලුවෙක්ම ඔහොම තමා ?
හත් ඉලව්වෙ ඉතින් ඔය කාලසීමාට අදාල ඔය දෙදෙනාගෙ නම් එලි කරන්නේ නැතුව වහෙන් ඔරෝ බාසාවෙන් කතා කරන්නේ ඇයි. කෙලින් කියන්නකෝ.
මුන්ගේ ගෙවල් විතරක් ගිනි තියලා මදි.