
(රන්ජන් කටුගම්පොල)
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 39 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින තමන්ට එරෙහිව එම චෝදනා මතම නීතිපතිවරයා විසින් ගොනූ කර ඇති නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ඇමති නලින් ප්රනාන්දු මහතා විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
ඒ අනුව වගුත්තකරුවන් වශයෙන් නම්කර සිටින නීතිපතිවරයාට මේ සම්බන්ධයෙන් මෙම මස 13 වැනි දින කරුණු දක්වන ලෙස නියෝග කරමින් නොතී සි නිකුත් කෙරිණ.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන පී.කුමාරන් රත්නම් සහ ප්රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණ.
පෙත්සම්කරු කියා සිටියේ මෙම චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට වරදකරු වූ තමන්ට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 30 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි.
එසේ තිබීයදී එම චෝදනාව මත පොදු දේපළ පනත යටතේ තවත් නඩුවක් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කිරීමට නීතිපතිවරයා විසින් පියවර ගෙන තිබෙන බවත් ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd