(නිමන්ති රණසිංහ)
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුව ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට දැනුම් දුන්නේය.
මෙම නඩුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඉල්ලා අස්කර ගැනීමට ඉදිරි දිනයේ දී කටයුතු කරන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිණී සේනානායක මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් තහනම් නියෝගයක් නිකුත්කර තිබුණ ද නඩුව විභාගයට ගැනීම සඳහා ඊයේ (15) දිනයේ අවසර ලබාදී ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා ඇත්තෙන්ම තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩු පවරා ඇත්තේ 2010 වසරේ දෙසැම්බර් මස පළමු වනදා සහ එම මස 30 වනදා අතර කාලය තුළ ලංකා විදුලි සමාගමට ඉඩමක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීති පියවර ගැනීමට නිසි උපදෙස් ලබා නොදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා නගමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණික දෝෂ... හරි ඒකත් හොඳ උත්තරයක්. කොහොමත් දෝෂ නිවැරැදි කරලා ආයෙමත් නඩු දාන්නෙත් නැහැනේ. එතකොට නඩුව ඉවරයි. ඒ මහත්තයා හොඳයි. කිසි වැරැද්දක් කරලා නැහැ. වැඩිය දෙයක් වෙන්නේ නැහැ...
පොඩි මිනිස්සුන්ට වැටෙන නඩුවල තාක්ෂණික දෝෂ ඇති නොවී මේ වගේ අයට වැටෙන නඩුවලදී විතරක් තාක්ෂණික දෝෂ ඇතිවෙන්නේ ඇයි..?
මේ අගවිනිසුරු එසේ මෙසේ කෙනෙක් වෙන්න බැහැ.. අපේ නායකයින්ට මොනතරම් පිහිටවෙලා තියෙනවද? නඩුව ඉල්ලා අස්කරගත්තු එක ගැනනම් පුදුම වෙන්න දේකුත් නැහැ.
ලංකාවේ නීතිය කොතෙක් පිරිහිලාද කිව්වොත් දැන් මටනම් කිසිම විශ්වාසයක් නැහැ.
දිගට, හරහට නඩු ඉල්ලා අස් කරගන්නවා. නැත්නම් නිදොස් කොට නිදහස් කරනවා. නිදහස් කළ එකකටවත් ඇපැල් ගන්නේ නෑ. (සිල් රෙදි නඩුව වගේ.) තාක්ෂණික දෝෂ නැතුව නඩුවක් ගොනු කරන්න බැරිද අල්ලස් කොමිසමට..?
තාක්ෂණික දෝෂ සහිත නඩුවක් මෙපමණ කල් ඇදගෙන ගියේ කෙසේද?
රට බල්ලන්ට ගියාට නම් මීට වඩා හොඳයි. ගිහින් තියෙන්නේ නරුමයින්ටනේ.