ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු 6 දෙනාගේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට පළ වු ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණු ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගේම සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළ බව අද උදෑසන වාර්තා විය. විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
කෙසේ වෙතත් මෙම වාර්තාව තමන් දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව විමුක්ති පෙරමුණු ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
විජිත හේරත් මහතාගේ අත්සනින් යුත් නිවේදනය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල්ගෙන් මිලියන කීයක් හම්බ වුණාද? ඔහොම ගියොත් කවදාවත් රටේ බලයක් ලබාගන්න බැහැ.
ජනතා විමුක්ති පෙරමුණට 2015දී ලැබුණේ පෙරමුණේ ඡන්ද නිසා ඔවුන් මෙවර පෙරමුණට සහාය දියයුතුයි. නැත්නම් ලබන පාර ඔවුන්ට ඡන්ද ලැබෙන්නේ නැත.
දේශපාලකයින් කවුරු කියන දේවත් දැන් විශ්වාස කරන්න නරකයි. කීයක් හරි අත මිටමොලවා ගන්න පුළුවන් වුනොත් සේරම ප්‍රකාශන අහෝසියි...
ඕනෙත් නැත...
2015 දී ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද බැවින් ඔවුන් මෙවර මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකළ යුතුයි. නැතිනම් ඊළඟ ඡන්දයේදී ඔවුන්ට මන්ත්‍රීධුර දෙක තුනකට සීමාවනු ඇත.
හැබැයි සහෝදරවරුනි, රනිල්ට සහය දුන්නොත්, මා ඇතුළු මාගේ පවුලේ කිසිම සාමාජිකයෙකුගේ ඡන්දය පක්ෂයට ලබාදෙන්නේ නැත.
මේ වෙලාවේ සහය දෙන්න ඕනෑ මහින්දට, රනිල්ට කියලා පුද්ගයෙකුට නෙවෙයි, ප්රජාතන්ත්රවාදය රැකගන්නයි... ජවිපෙට ලොකු වගකීමක් තියනවා පාර්ලිමේන්තුවේ ස්වාධීන බව රැකගන්න. පක්ෂ, පාට අමතක කරන්න. මේ විනාශ වෙන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි...
රට පුරා පෝස්ටර් ගහලා.. පෙරලන්න ඕනේ කියපු ආණ්ඩුව පෙරළුනා. දැන් සතුටු වෙන්න ඕනේ...
ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද 6 රනිල්ගේ දිනුම හෝ පැරදුම තීරණය කරන සාධකයක් වෙන ලකුණු දැනටමත් පෙනෙන්නට තිබේ. එබැවින් රට දැඩි අවදානම් සහගත මෙන්ම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති මේ අවස්ථාවේ ජවිපෙ පිළිපැදිය යුතු උපාය මාර්ගය ලෙස ස්වාධීනව සිටීම තෝරාගන්නට ඇත්තේ 1960දී ඩඩ්ලි සේනානායක රජය පරදවා සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් දැවැන්ත ජයග්රහණයෙන් පසුව එක්සත් ජාතික පාක්ෂිකයින් විශේෂයෙන් තරුණ කොටස් කලකිරීමට පත්ව ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු වලට එකතු වූ ආකාරය සිහිපත් කරගෙන වෙන්නට බැරි නැත. සමහරවිට ඔවුන් උපකල්පනය කරනවා ඇත්තේ මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්වුවහොත් ඔහු තම පවුල ප්‍රධාන කොටගත් කණ්ඩායමක් සමඟ ඉතාම දරදඬු ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යනු ඇති බවයි. මේ දින කිහිපය තුළ පවා මාධ්‍ය පාලනය සහ පොලිසියේ කටයුතු දකින විට බලය තහවුරු වූ පසුව සිදුවිය හැකිදේය. එසේ වුවහොත් එවන් පාලනයක් යටතේ දැඩි කලකිරීමකට පත්වන එජාපයේ සහ මධ්‍යස්ථ ජනතාව 1960 දේ කළාක් මෙන් ඉදිරි මැතිවරණයකදී නොවරදවාම ජවිපෙට සහාය දක්වනු ඇතැයි ඔවුන් සිතනවා වෙනට බැරි නැත.
අනුර ඇතුළු ජවිපය හැමදාම කලේ මේ සෙල්ලම තමයි. විජේදාසලාගෙන් සල්ලි අරගෙන දැන් කොහොමද ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී ඉන්නේ? මෙතන රනිල් ට පක්ෂද නැද්ද කියන එක නෙමෙයිනේ ප්‍රශ්නේ...
මහින්ද මහත්තයට ඔබලාගේ ඡන්ද 6 ලබාදුන්නොත් ඊළඟ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිධුර සංඛ්‍යාව දෙගුණ වනු ඇත..
ඔක්තෝම්බර් 23 වෙනිදා අපි කොළඹ ඇවිත් උද්ඝෝෂණය කළේ පැවැති රනිල් පාලනයට විරුද්ධවයි. අපි මේ වෙලාවේ කල යුත්තේ එම පාලනය ගෙදර යවන එක. නැත්නම් අපි කරපු උද්ඝෝෂණය විහිළුවක් වෙනවා.
ජවිපෙ වෙන වෙන පක්ශවලට සහය නොදක්වා තනි ගමනක් යාමට පටන් ගත යුතුයි. මධ්‍යස්ථ මතදාරීන් ජවිපේ වෙත හැරෙන ලකුණු පේන්න තිබෙනවා
මා සිතන්නේ මේ අවස්ථාව ජනතා විමුක්ති පෙරමුනට ජනතාව වෙනුවෙන් හොඳ ඉල්ලීම් කීපයක් ලබාගෙන, එජාපය සමග සහයෝගයෙන් ආණ්ඩු කිරීම හොඳ බවයි.
අමතක කරලමු පැරැණි කතා. එක් වෙමු ජාතියෙ දියුණ පතා....
එහෙනම් අපි මෙහෙම දාමුද? ජවිපෙ සහය මහින්දට ...!!!
ඒ කියන්නේ දෙගොල්ලෝ එකටද වැඩකරන්නේ.
ජෙවිපෙ දැන් වැඩක් නැත. ඔතන ඉන්න සුනිල් හදුන්නෙත්ති, බිමල් රත්නායක, ලාල් කාන්ත නායකත්වයට පත්විය යුතු කාලය හරි දැන්, විජිත සහොදරයා ගැන විශ්වාසක් තිබුනත් ඔහුගෙ සමහර අදහස් පක්ෂයට විනාශය ගෙන එනවා.
ලබා ඇති අත්දැකීම් අනුව තවදුරටත් සීනුව හොරුන්ගේ පළඳනාවක් නොවිය යුතුය. වර්තමානයේ බලය ලබන පක්ෂයකට යම් වාසිදායක තත්ත්වයක් ඇති කිරීමක් සිදුවන්නේ නම් එය ජ.වී. පෙරමුණේ සාමාජිකයන් අතරමං වීමකි.
ජවිපෙ ස්වාධීනව ඉන්න ඕනේ. නායකත්වය වෙනස් වෙන්න ඕනේ... අපිට පේන්නේ රනිල්ට කඩේ යනවා කියලයි. ධනවාදයට කඩේ යන්නේ නැතුව තනි ගමනක් යන්න. හැබැයි අනුර ගැනනම් කිසිම විශ්වාසයක් නැහැ