IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හැටන් ප්‍රදේශ රැසක විදුලිය ඇන හිටී

(රංජිත් රාජපක්ෂ )                      
                                             
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ හරහා (12) දින රාත්‍රියේ සිට හමා යන දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට සයිප්‍රස් ගසක් කඩා වැටිමෙන් ප්‍රදේශ රැසකට විදුලිය ඇන හිට ඇති බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිහාල් සමරකොන් මහතා පැවසිය.

හැටන් සිට නාවලපිටිය දක්වා ඇද ඇදි වොල්ට්  තිස් තුන්දහසක අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට හැටන් කොටගල ස්ටොනික්ලිප් තේ කර්මාන්ත ශාලාවට ඉහලින් සයිප්‍රස් ගස කඩා වැටි ඇති බවයි විදුලි අධිකාරිවරයා කියා සිටියේ.
 
හැටන්, රුවන්පුර , කොටගල , සෙන් ක්ලෙයාර් , දිඹුලපතන  සහ නාවලපිටිය දක්වා විදුලි පාරිභෝගිකයන් රැසකට පවත්නා ආපදා තත්ත්වය මත විදුලිය ඇණ හිට ඇති බවත් , කඩා වැටුණු සයිප්‍රස් ගස කපා ඉවත් කිරිමේ කටයුතු වතු කම්කරුවන් සහ තම සේවකයින් එක්ව ආරම්භ කර ඇති බවයි විදුලි අධිකාරිවරයා කියා සිටියේ.

කඩා වැටුණු විදුලි රැහන් පද්ධතිය අලුත්වැඩියා කර කඩනමින් විදුලිය ලබා දිමට කටයුතු කරන බවද විදුලි අධිකාරිවරයා පැවසිය.


 
 
 
 

 



අදහස් (0)

හැටන් ප්‍රදේශ රැසක විදුලිය ඇන හිටී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site