
(රංජිත් රාජපක්ෂ සහ ඉන්දිකා රාමනායක)
හැටන් නගරයේ ගැට කැපිමට පැමිණ බව කියන කාන්තාවන් පස්දෙනෙක් හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
එළඹෙන දිපවාලි උත්සව සමයේ හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගරවලට පැමිණෙන පාරිභෝගිකයන්ගේ රණ් ආභරණ සහ මුදල් පසුම්බි සොරකම් කිරිමට මෙම තරුණියන් පස් දෙනා තවත් පිරිසක් සමග හැටන් නගරයට පැමිණ ඇති බවයි හැටන් පොලිසිය කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවන් පස් දෙනා හොදින් ඇද පැළද උත්සව සමයේ හදුන්කුරු අලෙවි කිරිමේ මුවාවෙන් මුදල් පසුම්බි සහ රණ් ආභරණ සොරාගන්නා බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
අවු 18 – 30 වයස් කාණ්ඩවල පසුවන අත්අඩංගුවට ගත් තරුණියන් පස්දෙනා සන්තකයේ තිබි මුදල් පසුම්බි කිහිපයක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත,
හැටන් පොලිසිය මෙවැනි පිරිසක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව බවත් එම පිරිස හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිසිය පැවසිය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැටන් ගැටකැපූ කතුන් පහක් අල්ලයි
lao Monday, 17 October 2022 07:27 PM
ඔවුන්ගේ පින්තූර පෙන්වන්න එපා...!
මහසෙන් Monday, 17 October 2022 08:42 PM
ඇයි , ආයෙත් ඔය ජාවාරම කොහේදිවත් කරගන්න බැරිවෙනවට බයද?
BamunuarachchiTuesday, 18 October 2022 07:28 AM
හොර ගැන්සියේ කෙකෙන් මේ කියන්නේ
Bamunuarachchi Tuesday, 18 October 2022 07:27 AM
ජනතාවගේ ආරක්ෂාව සඳහා මොවුන්ගේ මුහුණු පැහැදිලිව පෙන්වන්න. මොකද ඉංග්‍රීසි කියමනක් තිබෙනවා වනස් අ තීෆ් ඕල්වේස් අ තීෆ් කියලා. එක සැරයක් හොරා උන කෙනෙක් හැමදාටම හොරෙක් කියලා.