IMG-LOGO

හෙට සිට පෞද්ගලික වාහනවලට ඉන්ධන නෑ

අජන්ත කුමාර අගලකඩ

අද (28)සිට ලබන මස (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා  සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ,සෞඛ්‍ය , ආරක්ෂක ,විදුලිබල, අපනයන කර්මාන්ත ආදී ක්ෂේත්‍ර සදහා පමණක් අද සිට ලබන 10 වැනිදා දක්වා ඉන්ධන නිකුත් කරන බව ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

ඉන්ධන පිරවුම්හල් වලින් පෞද්ගලික අංශයේ වාහන සඳහා  මෙම කාලය තුළ  ඉන්ධන නිකුත් නොකරන බවද ඔහු කීවේය.

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංගම ඩිපෝ සහ  ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හලවලින් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

රට තුළ පැනනැගී ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඊයේ(27) පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්,ඒ අනුව අත්‍යවශ්‍ය  සේවා  සඳහා පමණක් ඉන්ධන නිකුත්  කිරීමට එහිදී  තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.



අදහස් (6)

හෙට සිට පෞද්ගලික වාහනවලට ඉන්ධන නෑ

Channa Monday, 27 June 2022 08:23 PM

ලබා දුන් සෞභාග්‍යයට ස්තුතිවන්ත වෙමු.

:       1       35

බද්රානි Monday, 27 June 2022 09:18 PM

නියමයි!!මෙවුන්ව ගොන් කරත්තෙටම බස්වලා තමයි පස්ස බලන්න ඕනා. එතකොට අර වපුරපු බීජවල අස්වැන්නත් ඒ කරත්තේම පටවාගෙන ගියහැකියි. අනික ලෝකෙන් උතුම් රටේ ප්‍රෞඩ ජාතිය ගොන් කරත්තවල යද්දී කාටද ආඩම්බර? ලෝකල් හිට්ලර් ලගේ ලෝකල් පුටින් ලගේ වැඩ නම් මරේ මාරු!! ඉන්ධන මිල තව වැඩිකරන්න!!

:       8       33

Hemantha kumara Monday, 27 June 2022 09:20 PM

නියමයිනේ,ගම සමඟ පිළිසඳරක් තියමුද හලෝ.

:       2       34

Prasheen Tuesday, 28 June 2022 05:18 AM

ජීවත් වෙන්න අයිතිය තියෙන්නේ රාජ්‍ය සේවකයන්ට විතරද?

:       3       31

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 28 June 2022 10:22 AM

සත්‍ය වශයෙන්ම,මෙවන් වාතාවරණයක් රටේ ඇතිකළ රජය තව දුරටත් පාලන බලයේ සිටීම මහා අපරාධයක් නේද ? මේ සුන්දර රට ලෝකයේම තියෙන දුප්පත්ම රට බවට පත්වීමට නියමිත බව අන්තර්ජාලයේ දුටුවා. මෙවන් තත්ත්වයක් තිබියදී, පෞද්ගලික අංශ වලට ඉන්ධන ටික හෝ දීමට නොහැකි අකාර්යක්ෂම රජයක් හා දේශපාලකයන් අපට කුමටද ? හමුදාව පොලීසිය පිරිවරාගෙන, ආරක්ෂිත බංකර් වලට වී කෙරෙන මේ පවුල් පාලනයට දැන් හෝ තිත තැබිය යුතුය. හමුදාව පොලීසිය විසින් සෑම ඉන්ධන හලක් ගානේම දාගෙන කරනා මුදල් නාස්තිය කොපමණද ? මේ රටේ ජනතාවට කෑම බීම නැතිව, බඩු මුට්ටු හා ඉන්ධන මිල අහස උසට ගෙනගොස් හෝ,නිසි අයුරින් පාලනයක් කළ නොහැකි නම් තවත් පාලනයේ හිඳ කුමටද ? රට නැත්තටම නැතිකොට යාමට වෙන්න ඇති මේ අය හිතාන ඉන්නේ. අනේ හොඳට තිබූ අපේ රටකට ගිය කලක්..

:       3       38

[email protected]Tuesday, 28 June 2022 03:00 PM

බයියන්ට කොහෙද සමිත මෙව තෙරෙන්නෙ..ජාතිවාදයෙන් රට කරන්ඩ ගිහිල්ල කරපු විනාසය..මුන්ටනම් හෙ. 7ම වඩිනව

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site