(නිමන්ති රණසිංහ)
නඩු කටයුතු සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණට පැමිණෙන අයවලුන්ට අධිකරණ භූමියට ජංගම දුරකතන රැගෙන ඒම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හෙට (01) දින සිට තහනම් කර ඇත.
අධිකරණ කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ ජංගම දුරකතන අධිකරණ භූමියට රැගෙන යාම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තහනමක් පනවා නොතිබුණු අතර, ඉකුත් (28) දා අධිකරණය ඉදිරිපිටදී පාතාල සාමාජිකයකු පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ දැරීමේ දී ඇතිවූ සිද්ධියෙන් පසු මෙම තහනම පැනවීමට පියවර ගෙන ඇති බවට අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තහනම නීතිඥවරුන්ටත් අදාළ ඇති නේද? ප්රජාතන්ත්රවාදය සුරැකෙයි කියලා හිතෙන හින්දයි මං එහෙම ඇහැව්වේ...
ජංගම දුරකථනයෙන්ද වෙඩි තියලා තියෙන්නේ...
අනේ මන්දා පුදුම රටක්. දවසින් දවස ප්රපාතයටම තමයි යන්නේ.. හොඳ ප්‍රවෘත්තියක් අහන්න ලැබෙන්නෙම නැති රටක්...
මේකට මීට වඩා සාර්ථක ක්‍රමයක් ඕනෑ. දුරකථනයක් ගෙනයාම අවශ්‍යතාවයක්... එ්ක කොහෙද තියලා යන්නේ උසාවියට යනකොට කොහෙද තියලා යන්නේ... විකල්පයක් නැහැ නේද?
දුරකථනය කියන්නේ, අද නැතුව බැරි දෙයක්.. විශේෂයෙන් අධිකරණ කටයුත්තක් තියෙන දිනයක, නඩුවට පෙර හා පසු, යම් උපදෙස් ගැනීමට දුරකථනය අතවශ්‍ය වෙනවා. දුරකථනය කොහේ හෝ තැනක තියල අධිකරණ භූමියට ගියාට පස්සේ, ඒ මනුස්සය අසරණ වෙනවා. මේවා ගෙනත් හිතන්න ඕනේ. ආරක්ෂාවට අවශ්‍ය පොලිසිය යොදා ගන්න පුළුවන් නම් හොඳයි .. එතකොට මිනිසුන්ගේ නිදහසට බාද වෙන්නේ නැහැ ...
නඩුව අහවරවෙලා චූදිතයෝ වැරදිකරුවන් වෙලා වැලිකඩ යන වෙලාවේ ජංගම දුරකථන පොදි ගණන් ගෙනිච්චට කමක් නැද්ද?