( තිළිණි ද සිල්වා )
රජයට සහාය පළ කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එක්ව පාර්ලිමේන්තුව අශ‍්‍රිත ප‍්‍රදේශයේදී හෙට (05) පවත්වන විශේෂ ජන රැළිය හේතුවෙන් එදින දහවල් 12 සිට එම ප‍්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක ක‍්‍රියාත්මක වන බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද (04) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
රැළිය හේතුවෙන් හෙට (05) දින පාර්ලිමේන්තුව ආසන්න මාර්ග වල සිදු කෙරෙන රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන් රථ වාහන සහ මාර්ග ආරක්ෂාව බාර නියොජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අදහස් දක්වමින් මෙසේද කීය.
‘‘ පැවැත්වෙන රැළිය හේතුවෙන් බත්තරමුල්ල දියත උයන , පොල්දුව හන්දිය ප‍්‍රදේශයේ වාහන ගමනාගමනය හෙට (05) දහවල් 12.00 සිට සීමා කීරීමට පොලිසීය තීරණය කර තිබෙනවා. එම නිසා කඩුවෙල , අතුරුගිරිය ,මාළඹේ සිට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට ගමන් කරන වාහන කොස්වත්ත හන්දියෙන් හෝ බත්තරමුල්ල හන්දියෙන් වමට ගමන් කර පාලම් තුන හන්දිය ,කියන්හෑම් වටරවුම ,ජපන් මිත‍්‍රත්ව පාර , කිඹුලාවල හන්දිය , පිටකෝට්ටේ හන්දිය , පාගොඩ පාර ,නාවල පාර ඔස්සේ නාවල හන්දිය හෝ නාරාහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකියි.
කොළඹ සිට මාළඹේ ,කඩුවෙල් ,අතුරුගිරිය දෙසට ගමන් කරන වාහන ආයුර්වේද වටරවුමෙන් ඉදිරියට හෝ වැලිකඩ හන්දියෙන් ඉදිරියට ගමන් කර බුත්ගමුව පාර් ,අඹගහ හන්දිය ,කලපළුවාව පාර , හීනටිකුඹුර පාරෙන් කොස්වත්ත හන්දියට ගමන් කර මාළඹේ කඩුවෙල් අතුරුගිරිය දෙසට ගමන් කළ හැකිය.එමෙන්ම කලපළුවාව පාර හරහා ලෝලෙවල් පාරට ගමන් කර කඩුවෙල දෙසටද වාහන ගමන් කළ හැකියි.
තවද පන්නිපිටිය , හෝකන්දර සිට තලවතුගොඩ හරහා කොළඹට ඇතු’ වන වාහන තලවතුගොඩ හන්දිය , කිඹුලාවල හන්දිය , පිටකෝට්ටේ හන්දිය , පාගොඩ පාර , නාවල පාර ඔස්සේ නාවල හන්දිය හෝ නාරාහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකිය.
බොරුල්ල සිට තලවතුගොඩ ,හෝකන්දර ,පන්නිපිටිය දෙසට ගමන් කරන වාහන වලටද ඉහත සඳහන් කළ මාර්ගය ප‍්‍රතිවිරුද්ධ දිසාවට භාවිතා කළ හැකියි.මේ හේතුවෙන් දවල් 12 න් පසු මේ ආකාරයෙන් රථ වාහන ගමනාගමන කටයුතු සඳහා විකල්ප මාර්ග භාවිතා කරන්නැයි රථවාහන ගමන් ගන්නා පිරිස් වලින් අපි ඉල්ලා සිටිනවා.උද්ඝෝෂණ පැවැත්වෙන එම අවස්ථාවේ රත වාහන සැලැස්මක් පැවතියත් පාසල් දරුවන් රැගෙන යන වෑන් රථ , බස් රථ ,යතුරු පැදි වලට කිසිම ආකාරයේ අපහසුතාවයකට ලක්නොවීමට වගබලා ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කරනු ලබනවා.
එසේම රථවාහන සැලස්ම ක‍්‍රියාත්මක විපකල්ප මාර්ගයන්හි අද උදෑසන සිට කිසිදු ආකරයේ රථවාහන නැවැත්වීමක්ද සිදු නොකරන බවද ,රැළියට සහභාගී වන පිරිස් තමන් පැමිණෙන රථ වාහන අදාළ ස්ථාන වල පමණක් ගාල් කරන ලෙසත් ,රථ වාහන සංඥා වලට ගරු කරන්නැයිද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නොකීවයි කියන්න එපා. ගිරිය ලඟට එනකල් අරක්කු බීලා ඊට උඩින් කිරි පැකට් ගහලා.. බුදු අම්මෝ.. බඩ යනෝ! කියල ජල්බරි නම් දාන්න එන්න එපා!
මේ එන අයට අවශ්‍ය කෑම, වතුර, වැසිකිළි පහසුකම් දෙන්න. නැතිනම් ගියසැරේ වගේ නගරය කැත කරයි. ඔබලා නම් ශැන්ග්‍රිලා වල ඉන්දීය මෝඩ මිනිස්සුත් ඉන්නවා.
හෙට දවස මුළු රටෙන් අඩක්ම අකර්මන්‍ය වෙනවා. බත්තරමුල්ලේ තියෙන්නේ සියලුම් රජයේ ආයතන. පාරවල් වහලා. මොනවද මේ විකාර. මිනිස් පැය කීයක් අපතේද. මුදල් නාස්තිය,පරිසර දුෂණය. අන්තිමට වෛරය වපුරනවා. මේවට අවොත් කවදාවත් ඡන්දෙ දෙන්නේ නැහැ.මම දකින්නේ උගත් කමක් නැති මෝඩ මිනිසුන් තමයි මේවට යන්නේ.
රටේ ජනාධිපතිකමත් අගමැතිකමත් තියාගෙන අන්තරේ වගේ පාරවල් අවහිර කරල ජනතාව අපහසු තාවයට පත්කරන්නේ ඡන්දය පාවිච්චි කල වරදටද?