
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය දින එකහාමාරකට පමණ ඉන්ධන ලබාගැනීමට අද කටයුතු කිරීම නිසා හෙට (21) දකුණු පළාතේ පමණක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පස්වරුවේ පැවසීය.
මාඔස්කැළේ සහ සමනළ වැව ජලාශවල වතුර සංචිතය අඩු වීම නිසා දකුණු පළාතේ පමණක් පැය එකහාමාරක් පමණ විදුලි කප්පාදු කිරීමට සිදුවන බවත් එම කාලය හෙට දැනුම් දෙන බවත් සභාපතිවරයා කීය.
අද (20) පෙරවරුවේ පැවැති තත්වය මත හෙට දිනයේ පැය 5 ක පමණ විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් තිබූ බව කී ජනක රත්නායක මහතා මහ බැංකුවට, මහා භාණ්ඩාගරයට සහ දේශපාලන අධිකාරිය දැනුවත් කර ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීමට කටයුතු කළ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි, මොකද ඒ ගොල්ලෝ ඉන්නේ වෙනම රජයක වගේනේ. ඒ ගොල්ලන්ගේ පැත්තේ කට්ටිය ඒ ගොල්ලන්ටම හොඳටම කරන එක හොඳයි..
එතකොට වැරැදිකරුවන් දකුණේද?
තව සති කීපයකින් කියයි, දවසකට විදුලිය දෙන්නේ පැය හයකට විතරයි කියලා.