ඩයනා උදයංගනී
අග්‍රාමාත්‍යවරයාගේ වියදම් කපාහැරීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත හෙට (29) දිනයේ දී පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන්නේ ද යන්න ගැන ආණ්ඩු පක්ෂ තීරණය හෙට උදෑසන ගන්නා බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හෙට උදෑසන රැස්වී එම තීරණය ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව ව්‍යවස්ථාවට පටහැනි එකක් බවද ජයසේකර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරය හරිද ?
ඒක හරි. නැත්නම් කෑම වේල මිස් වෙන්න පුළුවන්. කෑම එක කලා ජනතා සේවයට බයිලා ටිකක් ගහලා එන්න පුළුවන් නේ.
මහත්තයා, අපේ රටේ තියෙන්නේ ආණ්ඩුවද පාණ්ඩුවද, දන්නැති නිසා අහන්නේ?
29 දා බහුතරය පෙන්වනවා කියාලා එක ඇමතිතුමෙක් කිව්වා නේද?
හෙටත් මොකට යනවද? කෝටි 100 දීලා හරි 113 හදා ගෙනම යමු.
පාර්ලිමේන්තු වාරයට සහභාගි වෙන්නැති එයාගෙන් වැටුප් අඩු කරන්නේ..
දියවන්නාව පතුලේත් කළුගල් එහෙම තිබෙනවද දන්නේ නැහැ.
මම ඔබතුමා ගැන විශාල ගෞරයක් තිබුණා. එහෙත් එය ටිකෙන් ටික අඩුවෙනවා. කණගාටුයි...
අනේද කියන්නේ ... ආණ්ඩුවට පාර්ලිමේන්තුවට යාගන්න නොහැකි වුනු ලෝකයේ එකම රට වශයෙන් ගිනස් වාර්තාවක් .
ඔය බහුතරේ කියන බාලගිරි දෝසය නිසා දුක් විදින්නේ ජනතාව, එ් නිසා දැන්වත් තියන කෙනෙක්ට කරගන්න දීලා දැම්මනම් නේද හොද?
දැන් ගමට ගිහින් කරවල විකුණන්න තමයි තියෙන්නේ .