
(නිමන්ති රණසිංහ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව චෝදනා ලැබ වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණ නියෝගය ප්‍රකාරව ඇප මත මුදාහැරීමට පුත්තලම මහාධිකරණය අද (09) නියෝග කළේය.
ඒ අනුව විත්තිකාර හිජාස් හිස්බුල්ලා මහතා මුදල් රුපියල් ලක්ෂයක සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය එසේ නියෝග කළාය.
සෑම මසකම දෙවන සහ සිව්වන ඉරුදින පෙරවරු 9.00ත් පස්වරු 3.00ත් අතර කාලයේදී පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට වාර්තා කරන ලෙසද මෙහිදී විනිසුරුවරිය විත්තකරුට නියෝග කළාය.
විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය සහ පදිංචි සහතිකය අධිකරණයට භාරදීමෙන් පසු ඇපකරුවන් ලෙස ඔහුගේ සහෝදරිය සහ සහෝදරයා අධිකරණය විසින් භාරගනු ලැබීමෙන් අනතරුව මෙලෙස ඇප නියම විණී.
විත්තිකාර නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අද (09) බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණී.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 2020 වසරේ අප්‍රේල් මස 14 වැනිදාය. පසුව ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව නිතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ ඇත.
ඡායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ.., සතුටේ, සැනසුමේ බැරුවා. පෝලිමේ ගිය ආණ්ඩුව මේ ආණ්ඩුවේ උදවියට දැම්ම නඩු සියල්ලෙන්ම මේ ඇත්තන් නිදහස් වෙනකොට මේ ආණ්ඩුවේ ඇත්තන් ඒ ඇත්තන්ට දැමූ නඩුවලින් ඒ ඇත්තොත් නිදහස්... බලාගෙන ගියාම අපි අපිටම බෝම්බ ගහගෙන... අර දැරිවි එයාම ගිනි තියාගෙන... මහබැංකුව අපිම කඩලා ඔවුන්ට බෙදලා දීලා. මේ දේශපාලන හැතිකරේ අපට මොනවද නොකළේ සුදුළූණු, සීනි, මල්වානෙ රඹුටන් හික්, පැනමා, ගල්අඟුරු, හෙජින්, හොර ටෙන්ඩර්, අම්මො ලියනවා නම් ඉතිං... කොහොමෙන් කොහොම හරි අවුරුදු 50ක කාලපරිච්ඡේදයක් තුළ දේශපාලුවන් මේ රටට කළ විනාශය හා මහජනයාට ලැබිය යුතු වරප්‍රසාද ඔවුන්ගේ හත්මුතු පරම්පරාව අතර බෙදාගෙන අසරණ ජනතාවට අද විඳින්න සලස්සපු දුක් ගැහැට වලට ඒ දේශපාලන පරම්පරාව බිහිකළ අති උතුම් මෑණිවරුන්ටත්, පියවරුන්ටත් සදාසොත්ති බවන්‍තුතේ...!!!
සත්‍ය කවදා හෝ එළිවෙයි.. ජාතිවාදීන්ට නම් අද දවස නරක දවසක්...