
(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාථමික පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ සෞඛ්‍ය හා පෝෂණය නැවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනෙන් මුදල් රුපියල් ලක්‍ෂ 18කට වැඩි මුදලක් කලාප අධ්‍යාපන කාර්යාලයේ විෂය බාර නිලධාරියෙකු වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පාසල් දරුවන්ගේ පෝෂණ ආහාර සැපයුම්කරුවන් වෙත මුදල් ගෙවීමේදී නියමිත මුදලට වඩා විශාල වශයෙන් වැඩිපුර ගෙවීම්කර මෙම මුදල් වංචාකර ඇති බව කලාප කාර්යාලය මට්ටමින් සිදුකල පරීක්‍ෂාවකදී හෙළිදරව්වූ බව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය කර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.
උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරාගේ නියමයෙන් උතුරු මැද පලාත් විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර මාස දෙකක් වැනි කෙටි කාලයකට අදාලව සිදුකල විමර්ශන වලදී ගෙවීම් කරන ලද චෙක් පත් දෙකකින් පමණක් රුපියල් ලක්‍ෂ 18කට වැඩි මුදලක් මෙම නිලධාරියා වංචාකර ඇතිබවට එම විගණනයේදී තොරතුරු අනාවරණයවී තිබේ.
මෙම නිලධාරියා 2017 වසරේ සිට 2021 වසරේ අප්‍රියෙල් මාසය අවසානය දක්වා හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙම විෂය බාරව අඛණ්ඩව රාජකාරී කර ඇති බව කියති.
පසුව පොලාන්නරුව අධ්‍යාපන කලාප කාර්යාලය වෙත ස්ථාන මාරුවක් ලබා ගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහල පුටුවල වැජඹෙන අය ලොකු කුට්ටි කඩා ගන්නකොට පහල පුටුවල අයව හදන්නේ කොහොමද ?
රටේ මහා එකාගේ සිට අන්තිම රාජ්‍ය සේවකයා දක්වා අති බහුතරය කප්පං කාරයෝ,පගා කාරයෝ ,කොමිස් කාරයෝ උනහම් රටක් හැදෙයි ද.
ඉහලින් ලැබෙන ආදර්ශ වලින් පහල අය හැදෙන්න එපැයි
මේ අපේ සර්ට මඩ ගහන්න කරපු වැඩක්.
පෝෂණ මල්ලෙන් විතරක් නොවෙයි දුප්පත් දරුවන්ට පරිවාසයෙන් දෙන අධ්‍යාපන ආධාරයෙන් ගසාකෑ අයත් හිටියා කියලයි ආරංචි