
(අංජුල මහික වීරරත්න)
හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
තංගල්ල කාල්ටන් නිවසේ සිට මෙම සටහන තබන මහින්ද රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කරයි.
මාගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවුනේ ජනතාව අතරය. අද ද එසේමය. ධුර කාලයක් අවසන් විය හැකිය, නමුත් ජනතා ආදරය ධුර කාලය ඉක්වයි. එය අවසන් නොවේ. බලය ඇති දා මෙන්ම බලය නොමැති දා ද ජනතාව මහින්ද රාජපක්ෂ සමඟ සිටියහ.
හිතවත්කම්, බැදීම් ගමේ අපිට හුරුය. කුඩා දරුවන්ගේ කතාබහ මා සතුටට පත් කරයි. කුඩා දරුවන් කතා බස් කරන්නේ හිටපු ජනාධිපති කෙනෙකු සමඟ නොවන නිසාම මෙම කතා බහ රසවත්ය. එනිසාම මම එය විඳිමි. හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැක.
කාල්ටන් නිවසට පැමිණි දින සිට මේ මොහොත දක්වාම පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහ සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාව පිරිනමමි. එමෙන්ම පැමිණ සුව දුක් විමසන ආදරණීය ජනතාවට ද, දේශපාලන සගයින්ට ද, විවිධ වෘත්තිකයින්ට ද මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි.
ජාති ආගම් භේදයක් නොමැතිව ජන බලය කේන්ද්‍ර වූ ජනතා නායකයෙකු ද, ඔබේ අසල්වැසියෙකු ද, ඔබේ සමීපතමයෙකු ද වීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙමි යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා ජනතාවගේ හැගීම් බැදීම් ගැන අවබෝධයක් තිබුණු නිසා තමයි අරලියගහ මන්දිරයේ ඉදලා හෙලිකොප්ටර්යෙන් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරට පැන ගත්තේ, නැත්නම් අබ සරණයි අපේ හාන්දුවනේ !
මහරාජානනී මම ඔබට ඇවිත් දන නමා වැඳ මේ රට බේරාගත්ත වගේම, රැක ගන්න ඔබේ පුත් නාමල් මැතිතුමා බලයට ගේන්න කටයුතු කරන්න. ජනතාව රාජපක්ෂ වරුන් සමගයි. මේ රට ඔබලාගේ.
එතකොට, ජනතාවට පාන් කියා වත් කියන්න බැරි වෙලාවක, විජේරාම නිවස මාලිගාවක් කිරීමට බිලියන් ගණන් වියදම් කලේ හැඟීම් තිබුණු නිසාද?
ජනතාවට පාන් කියා වත් කියා ගන්න බැරි මොහොතක, තමා ද ඇතුළු රාජ්‍ය පාලනය මගින් ජනතාව හිඟමනට පත් කල කෙනෙක් විසින්, රාජ්‍ය සම්පත් බිලියන ගණන් වියදම් කොට පදිංචි නිවස මන්දිරයක් බවට පත් කරන්නේ හැඟීම් වලින් බැඳුණු නිසාද?
ඔබගේ බලයෙන් වැජඹුන නාමල් ,බැසිල් ,වටේ හිටපු හොරු , කේ වට්ටයෝ නිසා ඔබගේ බලය ගිලිහී ගියා .තිබුණ ගෞරවය උන් කෙලෙසුවා .තවත් අත හරින්නේ නැහැ උන් .අවසන් කලයේවත් නිදාසේ ඉන්න දෙන්නේ නෑ .සංජීව එදිරිමාන්න එහෙම පේන්නේ නැද්ද කියන බොළඳ කතා නිසා ඔබ තවත් මිනිස්සු අතර මේ වගේ මෝඩ මූසල උන් පන්නා දානවා නම් හොඳයි නේද.
මෙතුමාට ඇති පිළිගැනීම , කැමැත්ත නැතිකරගන්නේ මෙතුමා විසින්මය
ඔය වීණාවම 2005 2006 වගේ කාලේ තව කෙනෙකුත් වැයුවා වගේ මතකයි. අමතකද? වීඩියෝ නම් සමාජ මාධ්‍යය තුළ තියෙනවා.
පච කියන්න එපා බන්. අපිට ඕනෙ මොලෙන් වැඩකරන නියකයෙක් මිසක් නුඹලා වගේ ගෝතයෝ නෙවෙයි.
රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබියදී තමන්ගේ නිල නිවාස අලුත් වැඩියා කරගන්න කෝටි 40 නාස්ති කරපු මනුස්සයා කියන කතා...
අනේ ඒ ගැන නං මොකට කියනවාද නේද..? රට හදනවා වෙනුවට හෙලිකොප්ටරෙන් ගිහිං කුඩ්ඩෝ බදාගත්තේ... එදා එක හොරෙකුට දඩුවම් කරා නම් අද රට සුරපුරයක් ඔහේ රජෙක්.. ඒත් කණගාටුයි ඔහේ අර කුන්ඩලකේෂි කතාවේ හොරා මතක් වෙන්නේ ඔහේව දැක්කාම... කුඩු රජා...
හා ඇත්තද? එතකොට පරම්පරාවම එකතු කරන් රට වලපල්ලටම යනකල් හොරකම් කරපු කෙනෙක්ටද ජන නායකයෙක් වෙන්න පුළුවන්..?
ඔයාගේ හැගීම් ගැන අපි දන්නවා. ඔයාගේ පුතණ්ඩියගේ හැගීම් ගැනත් අපි දන්නවා. හිටපල්ලා මැදමුලනට වෙලා.
අනේ මහින්ද මහත්තයා දැන් හොඳටම ඇති...
ඔයා ණය ගත්තා...වැඩ කළා...ඒ සල්ලි වලින් සියයට කියක් (%) හොරා කෑවාද? ඒවා නොමේද මේ රෑට බංකලොත් කලේ... පට්ට හොරු ලංකර ගත්තා... බලය වෙනුවෙන් මොනවාද නොකළේ ඔයා...
රට වැසියන් සූරාකාගෙන... හොරකම් කරකර... සාර්ථක නායකයෙක් වෙන්න බෑ.
හරියට හරි, අන්දන්න ලේසිනේ...
මොවුන්ගේ හැගීම් දැනෙන පාලනවල ඉදලා, දැන් අර බිමල් කිව්ව වගේ හැගීම් නැති රටවල් වල සරණාගතයෝ වගේ ගිහින් වැඩ කරනවා... ආර්ථික පීඩනයෙන් ගොඩ එන්න. මොවුන්ගේ දරුවෝ අපේ එවුන්ගේ හැගීම් විකුණලා ගත්තු ධනයෙන් සැප විදිනවා. කාගේද කරුමේ... තාම අපේ හරක් කිරි අරන් මේ වගේ නායකයෝ බලන්න යනවා. යුද්ධය වෙනුවෙන් යමක් කළ බව සත්‍යයක් වුවත්, ඒ සදහා වූ ගෞවරය ඔහුගේ පුතුන් සහ සහෝදරයින් බලයට ගෙනෙන්න තිබුණු තන්හාව නිසා නැතිවෙලා ගියා. ඔහු ළග ඉන්න අනිත් බැලයෝ ටික ඔහුට ආදරයක් නැහැ. ඔවුන්ට බලයට එන්න මේ මනුස්සයාව භාවිතා කරන එක තමයි කරන්නේ. ඔහුට ඒක තේරෙන්නේ නැහැ...
අනුන්ගේ හදවත් හොරකම් කරන්න පුළුවන් වෙන්න ඕනේ... පස්සේ දිනුවාම අනුන්ගේ සම්පත් හොරකම් කරන්න ඕනෙ නේද?
මොකටද ඉතින් මගේ කට... කොළඹ ගෙදර ඉද්දී පොඩි දරුවෝ ගමේ දුප්පත් දරුවන්ටද? නැත්නම්... මයිනා පැටවුන්ගේ පැටවුන්ටද? දැන් ඉතින් මොනවා කිව්වත් වැඩක් තියෙනවාද? වලිගේ පිටින් අලි මැරෙන්නේ... මොන අපරාධයක්ද ඒක...? මෙයා නිකම් දුක් වෙන්නේ... විලාප දෙන්නේ සුද්දන්ගෙන් රට බේරාගෙන... යුද්දෙත් මෙයා නතර කරපු විදියටනේ... මුලු ලෝකෙම ජනාධිපතිලා පැරැදිලා හරි කාලේ ඉවර වුණා හරි... තමන්ගේ ගෙදරට යනවා. ඊට පස්සේ දැන්ගන්නේ ජනතාව ඔහු මිය ගිය බව. ඒකට මෙයා. තවමත් ලන්සු දානවා ලැජ්ජා නැත්ද පිට රට ඉන්න අපිටයි ලැජ්ජ. ආසියාරටවල මිනිස්සු අහන දේවලට... රටේ දේපල හොරාකාලා පවුල් පිටින්. දැන් ගෙදරින් එළියට දැම්මාද කියලා අහලා හොද වැඩේ කියනවා...
හැගීම් එන්නද අයිස් හැදුවේ...?
තක්කඩියන්ට මෝඩ බහුතරයක් ඉන්න ලංකාවේ වීරයෝ වෙන්න හරි ලේසියි. ටික කාලෙකින් වීරයන්ගේ පස්ස පැත්තට පයින් ගහලා ඒ මෝඩ බහුතරය ඔවුන්ව එලවලා දානවා. ඊට පස්සේ ඔවුන්වම ආයෙත් ගෙනැල්ලා තක්කඩියෝම ඇතිකරපු ප්‍රශ්නවලට විසදුම් දෙයි කියලා මෝඩ බහුතරය රැවටෙන්න සූදානම් වෙනවා...
අනේ අප්පේ.., ඒක එහෙමනං, ගම දාල කොලඹ ගිහිං, කොලඹත් දාල කුරැණෑගලින් ඡංදෙ ඉල්ලුවෙ මොකැයි?
රට ගැන හැගීම් වැඩි කමට වෙන්න ඇති රට කෙලවපු එකෙක් කියල අධිකරණයෙනුත් තීරණය කලේ. රට කෙසේ වෙතත් තමන්ගෙ සනුහරය ගැන හැගීමෙන් පමණක් වැඩ කල කුරිරු මිනිහෙක් කියල මේ රටේ මොලේ ඇති මිනිස්සු (බයියන් හැර) හොඳින්ම දන්නවා. මේ මිනිහා කල හොඳ වැඩ නැතුවාම නොවෙයි. නමුත් ඒ හැම වැඩක් පිටු පස්සේම තිබුනේ තමන්ගේ සහ සනුහරේ උන්ගේ බඩවල් පිරවීමයි. මුන්ගේ සනුහරේ උන් තවති නම් එපා එපා එපාමයි.
හැගීම් වලට බර වෙලා රටක් හදන්න අමාරුයි . ඒක ඔබ ඔප්පු කළා නේද ?
ඒකනේ අවංකවම අපි අනුර මහත්මයා තෝරගත්තෙ. ඔය කියන මහත්මයා අවංකව බැඳිල හිටපු අය රටම දන්නව, ඒ අයගෙන් බොහෝ දෙනෙක් සිරගත සහ සිරගතවීමට නියමිත අය , නැත්නම් අර සම්පත් මනම්පේරිල වගේ කට්ටි පනින අය. ලැජ්ජ නැතිකම හැබැයි ඔය සේරටම යටයි තමුන්නාන්සෙට නැත්තෙත් ඒකම තමයි
ඔබ මහජනයා රැවටීමට උත්සාහ කරනවා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මංකොල්ලකරුවන්, මැරයන් සහ රාජපක්ෂ නායකත්වය දෙන සියලු සමාජ විරෝධී කොටස් සහ ඒවාට අරමුදල් සපයන්නේ ඔබලාමයි.රටේ යහපැවැත්මට සත පහක හොරකමක් නැතුව රට හුර කාපු හොරුන්ට නිසි දඬුවම් දෙමින් රට හරි මඟට ගෙනියන NPP රජයට අපි දුන්න ඡන්දය අද මොනතරම් වටිනවද!!!
කට අරින්නෙ නැත්නම් කොපමණ යහපතක්ද රටට!
ඡන්දය කාට දුන්නත් රටේ සාතිශය බහුතර ජනතාව ඔබතුමා ශ්‍රී ලංකාවේ අවසන් රජු ලෙස සදා සිහිපත් කරනු ඇත.
ඇම්මෝ… ඇත්ත අත්ත! පවුලේ අයටත්, ලගින්ම හිටිය අයටයි ඔක්කොම බැඳීම් ,හිතවත්කම් ,ලැබීම් රටේ අනික් පුරවැසියන් හුලන් , ලැජ්ජා නැතුව තව කියනවත් එක්කනේ
මාලිමා සෙට් ඵකත් කංජිපානි ඉම්රාන්ලා ඵක්ක හොඳ බැඳීමකින් සහනයකින් ඉන්නවා.
ඒ හැගිමි හින්දද රටම හොරා කෑවෙ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වටෙිම පාතාලෙ එවුන් තියාගන රජෙක් වගේ හිටිය. දැන් බලු වෙලා ඉන්නෙ කාලකන්නි
බලය ලබාගැනීමට තියන පෙරේතකමට කරන බොරු ව්‍යාජ ආදරය ගැන අපි නොදන්නවයි..? රටේ ජනාධිපති "රජාට ඇඳ ගෙන " රටේ අයිතිකාරයා කියලා හිතා ගත්තම එතන තියෙන්නේ ආත්මාර්ථකාමීත්වය... තමන්ගේ සහෝදරයෝ, දරුවෝ, හෝ පරම්පරාව පමණක් මේ ලංකාවේ බලයේ ඉන්න ඕනා කියලා හිතනවා නම්, ඒක එසේ සිදු නොවිය යුතු දෙයක්... රාජාණ්ඩු ක්‍රමය අවසන් වෙලා ගොඩක් කල්.. ඔබතුමා කල සේවයට ඕනෑවටත් වඩා මේ රටේ ජනතාව කෘතගුණ දක්වලා තියනවා. ඒගැන සෑහීමකට පත්වෙලා දැන්වත් මේ තන්හාව අතහැරලා සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න..
ආසියවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලයට ඇවිත් ,පව්ලේ අයව කිට්ටූ කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා.ගුණමකුවෙක් රැව්ටිලි කාරයෙක්,බලලෝලි බඩගෝස්තරවාදි දූෂිතයෙක්..ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාලා මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා.සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු ආදාරත් ගසා කෑවා.හැගීම් බැදීම් වල තියෙන හොන්දකමට වෙන්ඩැති ජනතාව පැන්නුවේ? .
හෑලිමාඋන්ගෙ පච වලටටත්, කොටි හිත්වාදීන්ගෙ වෛරි ප්‍රකාශණ වලටත් රැවටුණු ජනතාව අතර තව තවත් වෛරය,පතුරුවා කොටි හිතවාදීන්ගෙ පශ්චාත්භාගය සිබින ද්‍රෝහීන් ජනතාව කරුණු තේරුම් ගනීවි යැයි බියවී ඇති.
මැදමුලන හැරමිටි නාකි මයිනට ඕවා තිබ්බද? තිබ්බ නම් ඒ කොහේද කියා අපටත් කියන්නකෝ...