
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කෙරැණූ විශේෂ කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇත
ඔහු ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පත්කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ සම්බන්ධයෙන් අප හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමාට තවත් කමිටු ගණනාවකට සහභාගි වීමට ඇති හෙයින් කාර්යබහුලත්වය මත එම කමිටුවෙන් ඉල්ලා අස්වූ බවයි
මේ අතර දිට්වා කාරක සභාවේ නිල කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ අනුමත කෙරිණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටියත් ඉතිං නේද ..