IMG-LOGO

හක්කපටස් පුපුරා එක්දරුපියා මරුට

( චන්ද්‍රසේන ගමගේ)

නිවසේ භාවිතා කළ ගෑස් අවසන් වීම නිසා පවුලේ  පිරිස සමඟ දර කඩන්නට ගිය හම්බන්තොට සමර‍කෝන් වැව  ප්‍රදේශයේ පුද්ගලයෙකු හක්කපටස් පුපුරා  මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.  

මිය ගොස් ඇත්තේ හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 වැනි වියේ පසු වූ දිලිප් චාමර නම් එක්දරු පියෙකි.

ඔහු පවුලේ අය සමග සමරකෝන් වැව ආසන්නයේ ඇති වන භූමියට ගොස් ඇත්තේ ආහාර පිසීම සදහා දර කඩාගෙන ඒමටය.

දර කඩමින් සිටින අතර මිය ගිය අයගේ බාල සොහොයුරා කැලයේ තිබු ගුලියක් වැනි යමක් දැක එය අහුලා වැඩිමහල් සහෝදරයට දී ඇති බවත් ඉන් අනතුරව එම ගුලිය කුමක්දැයි මිය ගිය තරුණයා පරීක්ෂා කරනවාත් සමගම එය පිපිරී ඇතැයි පොලීසිය සදහන් කරයි.

හක්ක පටස් ගුලිය පිපිරීමත් සමඟම දිලිප් චාමර තුවාල ලබා එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.මිය ගිය දිලිප් චාමර ධීවරයෙකු බවත් ඔහු ඊයේ(26)  දින මුහුදු ගොස් නිවසට පැමිණි අයෙකු බවත් පෙලීසිය කියයි.

හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශය වන අලි බහුලව වෙසෙන ප්‍රදේශයක් වන අතර එහි වෙ‍සෙන සමහර වගාකරුවන් වන අලින් මරා දැමීම සදහා හක්ක පටස් වන භූමිය තුළ දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

 



අදහස් (0)

හක්කපටස් පුපුරා එක්දරුපියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site