IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හක්කපටස් කෑ අලියා මරුට

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පෙරියකුලම් වෙල්යායේදී හක්කපටස් බෝම්බයක් පිපිරී යාම හේතුවෙන් මිය ගිය වන අලියෙකුගේ සිරුරක් සොයාගත් බවට මුලතිව් වනජීවි කාර්යාලය පවසයි.

දින කිහිපයකට පෙර වනඅලියා හක්ක පටස් බෝම්බයකට ගොදුරු වී ඇති අතර පසුව ආහාර ගැනීමට නොහැකිව තුවාලය නරක්වීම හේතුවෙන් වන අලියා මිය ගොස් ඇති බවට වනජීවි නිලධාරීන් සැක පල කර සිටියි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 08 ක් පමණ වයසැති උස අඩි 6 කට ආසන්න වූ  වන අලියෙකු වන අතර හක්ක පටස් බෝම්බය තිබූ ස්ථානය සහ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකි වූ බවටද වනජීවි නිලධාරීන් පවසයි.

උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක් වන අලියා මිය ගොස් සිටි ස්ථානයට ගොස් අවසන් කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති අතර හක්ක පටස් බෝම්බය තිබූ පුද්ගලයින් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද මුලතිව් අඩවි වනජීවි කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

හක්කපටස් කෑ අලියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site