
(අංජුල මහික වීරරත්න)
ගාල්ල,හික්කඩුව සහ පැරෑළිය වෙරළ තීරයන්හි මීටර් 20 ක පමණ ප්‍රදේශයක තෙල් පැල්ලම් (Oil Patches) විසිරී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පරිසර අමාත්‍යංශය කියයි.
වෙරළට ගොඩ ගසා ඇති තෙල් කොටස් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුම් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අරඹා ඇතැයි අමාත්‍යාංශය පවසයි.
මුහුදේ ගසාගෙන ආ ෂෙල් කොරීනා S2 p 100 වර්ගයේ තෙල් බැරල් මගින් මෙම තෙල් විසිරීම සිදුව ඇති බවට තහවුරු වී ඇත.මෙම තෙල් වර්ගය පිස්ටන් මගින් ක්‍රියා කරන එයාර් කොම්ප්රේෂර් වල ඇතුළත කොටස් ලිහිසි කිරීම සඳහා යොදාගන්නා ලිහිසි තෙල් වර්ගයක් ලෙස හඳුනාගෙන ඇති අතර ඒවා අන්තරායදායක තෙල් වර්ගයක් ලෙස වර්ගීකරණය නොවන බව පරිසර අමාත්‍යාංශය කියයි.
පවතින තත්ත්වය හේතුවෙන් මත්ස්‍යයින්, කැස්බෑවුන් ඇතුළු සාගර ජීවීන්ට හානියක් සිදු වී ඇති බවට මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැති වුවද ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු වන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
මෙම තෙල් පැල්ලම් නිසා සාගර පද්ධතියට සිදු වන බලපෑම අවම කිරීමට අවශ්‍ය සියලුම තාක්ෂණික මැදිහත්වීම් මේ වන විටත් සිදු කරමින් පවතින බව පරිසර අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd