
(ඤාණදාස රන්මුතු )
හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාරියවසම් මහතා ඊයේ (12) රාත්‍රියේ අම්බලන්ගොඩ සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.
පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ පතාක යෝධයෙකු වූ කාරියවසම් මහතා හික්කඩුව නගර සභාවේ උප සභාපතිවරයෙකු වශයෙන් ද කටයුතු කළේය.
නගර සභාවේ සභාපතිවරයා වශයෙන්සිටි වත්මන් රාජ්‍ය ඇමති මොහාන් පී.ද.සිල්වා මහතා දකුණු පළාත් සභාවට තරග කොට ජය ගැනීමෙන් පසු නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් විය.
ඉන් පසු 1990 වර්ෂයේදී විනී කාරියවසම් මහතා නගර සභාවේ සභාපති ධූරයට පත් විය.
2002 වර්ෂයේදී නගර සභාවේ විපක්ෂ නායකයා ලෙස ක්‍රියා කළ කාරියවසම් මහතා 2016 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නගර සභාවට තරග කොට ජයගෙන එහි සභාපතිවරයා වශයෙන් පත් විය.
2011 වර්ෂයේදී සහ 2018 වර්ෂ වලදී ද පොදු ජන පෙරමුණෙන් නගර සභාවට තරග කළ කාරියවසම් මහතා එම වර්ෂ දෙකේදීම ජය ගෙන මිය යන තෙක්ම නගර සභාවේ සභාපතිවරයා වශයෙන් ක්‍රියා කළේය.
හික්කඩුව හා තුමාරකන්ද යන නගරවල දියුණුවට විශාල සේවයක් සිදු කළ කාරියවසම් මහතා ඊළග පළාත් පාලන මැතිවරණයටද ඉදිරිපත් වන බව නිතර නිතර පැවසුවේය.
මියයන විට අසූ දෙවැනි වියේ පසුවූ කාරියවසම් මහතා මෙයට මාස දෙකකට පමණ පෙර කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ලබා සුව වී සිටියේය.
ඒ මහතා මිය යන දිනයේ පෙරවරුවේ නගර සභාවට පැමිණ සිය රාජකාරි කටයුතු යෙදී සිට ඇත.
කාරියවසම් මහතාගේ අවසන් කටයුතු පසුවට දැනුම් දෙන බව පවුලේ අය පැවසුවේය. ඒ මහතාගේ දේහය දැනට අම්බලන්ගොඩ නිවසේ තැන්පත් කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසූ දෙකේ ඉඳගෙනත් , ඊලඟ පලාත් පාලන මැතිවරණයට තරඟ කරන්න හිතාගෙන ඉඳල තියෙන්නෙ.