(ප්‍රදීප් කුමාර)

මන්නාරම තලේ මන්නාරම ප්‍රදේශයේදී ස්වාමි පුරුෂයා විසින් සිය බිරිදට පිහියෙන් ඇන (26) දා ඝාතනය කර තිබේ. 

අඹු සැමි යුවල අතර ඇතිවූ බහින් බස් වීමක් මත මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට සැක කෙරෙන අතර ඝාතනය සම්බන්ධයෙන් සැක පිට සැමියා තලේ මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම තලේ මන්නාරම ග්‍රේසන් ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර මෙසේ ඝාතනය වු කාන්තාව දෙදරු මවක් වන අතර ඔවුන්ට වයස අවුරුදු 07 සහ 10 යන වයස් වල පසු වන දරුවන් දෙදෙනකු සිටි.

මෙම අඹු සැමි යුවල කලක් වෙන්ව ජිවත්වී ඇති අතර පසුව මෑත කාලයේ මෙසේ එක්ව ජිවත්වී තිබේ. 

ඒ අනුව ඝාතනයට ලක්වූ කාන්තාව වයස අවුරුදු 28 ක්‌ පමණ වන කෝකුලන් සෝනියා නැමති කාන්තාවක වන අතර මෙම ඝාතනය සිදු කල බවට සැක පිට අත්අඩංගුවට ගන්නා ලද ඇගේ ස්වාමිපුරුෂයා වයස අවුරුදු 32 ක්‌ පමණ වන අයෙකි.

මිය ගිය කාන්තාව අදාළ පිහි ප්‍රහාරයෙන් පසු බරපතල තුවාල ලබා තලේ මන්නාරම රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඇය මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ. මිය ගිය කාන්තාවගේ දේහය පිළිබද පස්චාත් මරණ පරීක්ෂණය මන්නාරම රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාර දීමට කටයුතු කර තිබේ. ඝාතනය සම්බන්දයෙන් තලේ මන්නාරම පොලිසිය වැඩි දූර පරීක්ෂණ පවත්වනු ලබයි.