( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඇමෙරිකා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් ඇතිකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගුකර ඇති බව ඇමෙරිකා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම් මණ්ඩලය ද ප්‍රකාශයට පත්කර ඇති බවත් , ඇමෙරිකා හමුදා ස්ථානගත කිරීම්වලට අදාළ "සෝෆා" ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නැතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් , ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් මහත්මිය මේ බව අධිකරණයට දැන්වූවාය.
ඒ අනුව රජය සහ ඇමෙරිකා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුකර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් කීවාය
ශ්‍රී ලංකා රජය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට එළඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්සන් කරන්න රටේ ජනතාව ඉඩදෙන්නෙත් නැහැ.ඇමෙරිකන් ,ඉන්දියන්,චීන ගිවිසුම් දැන් ඇති.ඔය එකකින්වත් අපිට සෙතක් වෙලා නැහැ. අපේ මෝඩ පාලකයින් ඔය රටවල් වලට බයේ ඕන ජරාවක් අත්සන් කරනවා.