
(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීම ප්‍රමුඛතම අවශ්‍යතාවයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය
ඒ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය උපරිමයෙන් අපේක්ෂා කරන බව ද කී අමාත්‍යවරයා ආයෝජකයින් ලෙසත් සංචාරකයින් ලෙසත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සියලුම පාර්ශවයන්ට ආරාධනා කරන බව ද සඳහන් කළේය.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුවට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම ගිවිසුම අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරුණු අතර ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් කෙන්චි යොකොයාමා මහතාත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාත් ඊට අත්සන් තැබූහ.
මෙම සමුළුව ලබන වසරේ මැයි මස 2- 5 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර “පශ්චාත් කොවිඩ්- 19 ලෝකය සඳහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම” යන්න එහි තේමාව වී තිබේ.
මෙම සමුළුව සඳහා සාමාජික රටවල නියෝජිතයන් 3000 - 5000ත් අතර පිරිසක් සහභාගී වීමට නියමිත අතර ඊට මුදල් අමාත්‍යවරු, මහ බැංකු අධිපතිවරු, ජාත්‍යන්තර බැංකු නියෝජිතවරු, සමාගම් විධායක නිලධාරීහු සහ මාධ්‍යවේදීහු ඇතුළත් වෙති.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවක් පවත්වන කලාපයේ දෙවැනි රට ශ්‍රී ලංකාව බවත්, එම අවස්ථාව ලබාදීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව වෙත කෘතඥතාව පළ කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd