(බිඟුන් මේනක ගමගේ)
මෙරට සහල් හිඟයක් නැතැයි ද කාලීන මිල ඉහළ යාමක් මිස කෘතිම මිල ඉහළ නැන්වීමක් නැතැයි ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ පුහුණු ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ දුමින්ද ප්‍රියදර්ශන මහතා ලංකාදීපයට අද(22) පැවැසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත අනුව පසුගිය මහ කන්නයේ හා යල කන්නයේ පිළිවෙලින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15 සහ 30 බැගින් නිෂ්පාදනය වුණේ යැයි ද එය දේශීය සහල් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් යැයි ද ප්‍රියදර්ශන මහතා කීය.
සහල් මාෆියාවක් ගැන පැතිර යන පුවතේ සත්‍යතාවයක් නැතැයි කී හෙතෙම මහා පරිමාණ මෝල් හිමියන් නොවන්නට වී මිලදී ගෙන මහා පරිමාණයෙන් ගබඩා කිරීමේ හැකියාව රජයට නැතැයි ද පැවැසීය.
සහල් හිඟයක් ගැන පුවත් මැවීමෙන් සහල් අනවශ්‍ය ලෙස ආනයනය කිරීමට පරිසරය සැකැසීමට ඇතැමුන් කටයුතු කරන්නේ යැයි ද ඒ මහතා චෝදනා කළේය.
ආසියානු කලාපයේ දී හොඳම සහල් නිපදවන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද ප්‍රියදර්ශන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහල් හිඟයක් ගැන බිල්ලෙක් මැවුවේ කවුරුන්දෝ? හරිහැටි පුවත් කියවල නැහැ වගේ? එහෙම දෙයක් රටේ නැතිබව පොඩි ළමයෙක්ට වුනත් තේරෙනවා කඩයකට ගියාම. කාලීන දේශපාලන ධම්ම දේශනාවක් විතරයි.
මොනාද මේ ? සහල් හින්ගයකුත් නැහැ, මාෆියාවක් නැහැ කාලීනව මේ තරම් ඉහල ගියේ කවදද ?
සහල් හිගයක් නැහැ , සල්ලි හිගයක් තියෙන්නේ.
ඡන්දෙ දින්නා. පොහොට්ටුවට සල්ලි දුන්නු අයට හොයාගන්න කාලයක් දුන්නා. වැලි, පස්, ගල් හා සහල් ජාවාරම්කාරයෝ මාස 02න් ගොඩ. මහ ඡන්දෙට පොහොට්ටුවට වියදම් කරන්න අපෙන්ම සල්ලි ටික මංකොල්ල කාලා, එම සල්ලි විසිකරලා, අපෙන්ම ඡන්ද මංකොල්ල කාලා, ඔවුන් කියන හොරුන් රැළක් පත්කර ගමු. පස්සේ ඒ අයටම කියලා ඉදිරි අවුරුදු 5ම අරගනිමු සනීපෙට..