(ඩයනා උදයංගනී)

ජනතාවට සාධාරණ මිලට සහල් ලබාදීම සඳහා සහල් මෙට්‍රික් ටොන් තුන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 

වෙළඳපලේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරු කිරීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් සහ සම්බා සහල්වලට ආදේශකයක් ලෙස GR 11 Short Grain Rice වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.