(ඩයනා උදයංගනී)
අධික සහල් මිල පාලනය කිරීම සහ පවතින සහල් හිඟයට පියවරක් ලෙස සහල් මෙටි්‍රක් ටොන් 6,000ක් කඩිනමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
පකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඇති විධිවිධාන අනුගමනය කරමින් කඩිනමින් මෙම සහල් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
සහල් මිල පාලනයට පියවරක් ලෙස සමූපකාර සමිති හා එක්ව වී අස්වනු මිලදී ගෙන සහල් නිපදවා සාධාරණ මිලකට අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීවේය.
ඒ අනුව පුද්ගලික සමූපකාර හවුල්කාරීත්වය යටතේ කුරුණෑගල, අනුරාධපුරය, මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර යන දිස්ත්‍රික්කයන්හි නවීන තාක්‍ෂණය සහිත සහල් මෝල් පහක් ස්ථාපිත කර ඉදිරි මහ කන්නයේ සිට සහල් නිපදවා ලංකා ස.තො.ස හා සමූපකාර සමිති හරහා බෙදාහැරීම වෙනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද ඇමති මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර හිඟ වීමේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බව පෙනේ...
රටේ හාල් තියනවලු හොයාගන්න බෑ හැබැයි. එහෙමට වැඩ බැරි ඇමැතිලා...
කාබනිකද? තකතීරු තීරණ අරන්... දැන් හාල් ගේන්නත් ණයට ඩොලර් හොයන්න වෙනවා. පෝර ගෙන්නලා, ඵලදාව වැඩි කරලා..., රට යවනවා නෙවෙයි.. ඔක්කොම කණපිට ගැහුවා. රජයටම ගැලපෙන කේවට්ටයින් ටික...
අර හමුදා නිලධාරීන්ගේ ඩේටාබේස් එකේ තියෙන හාල් ටික ඔක්කොම ඉවරයිද?
කාබනික පෝර දාපු හාල් විතරයි හොඳේ...
අමාත්‍ය මණ්ඩල අනුමැතිය දෙනකොට මහින්දානන්ද අලුත්ගමගේ කොහේද හිටියේ? ඔහු කිව්වා හාල් ඇටයක්වත් රටින් ගේන්න දෙන්නේ නැහැ කියලා. මේ ආණ්ඩුව කියන්නේ එකක්, කරන්නේ වෙනස් දෙයක්....
අපි වහනවා... පිටරටවල් වවනවා... අපිටත් එක්ක. තව ලොක්ඩවුන් කරන්න... ඉස්සරහට කන්න වෙන්නේ එන්නත් තමයි.