(යොහාන් භාසුර)
අණපනත්, කතිකා සම්මත කරගැනීමට මහා සංඝරත්නයේ මග පෙන්වීම අපේක්ෂා කරන බවත් විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ උරුමය 'කොවිඩ්' බාධක හමුවේ වුව ද රැකගනිමින් ජනතාවගේ අපේක්ෂාව ඉටු කළාක් මෙන්ම එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) රැස්වූ අවස්ථාවේ එසේ සඳහන් කළේය.
ඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණයන්හි ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන බවත් දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බවත් බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය එහිදී පැවසූහ.
කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමටත් අභියෝග සහ ආර්ථික දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ මෙහෙය අගය කරන බව කී මහා සංඝරත්නය ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය හා උරුමයන් බේරා ගැනීමට සිටි එකම නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි තැබූ විශ්වාසය කඩවී නැති අතර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය ඇතුළු උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන රැකගනිමින් දැයට උරුම කරදීමට පසුගිය දෙවසර තුළ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බවද සඳහන් කළහ.
රටේ ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳ සැබෑ තොරතුරු ඉදිරිපත් කර, විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාට සහාය වීම බෞද්ධ උපදේශක සභාවේ වගකීමක් විය යුතු බවත් මහා සංඝරත්නය වැඩිදුරටත් පැවසූහ.
බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට සියළුම ආගමික ස්ථාන සහ ඒවායේ භාරකරුවන් සතුව ඇති ධනස්කන්ධය ගැන සොයා බැලුවා නම් ඩොලර් ප්‍රශ්නයට විසඳුම ඉබේම පෙනේවි..
හැම දුර්වල නායකයෙක්ම අන්තිමේදී තමන්ගේ නොහැකියාව වසාගැනීමට ආගම සහ ජාතිය පාවිච්චි කරනවා.
ආයෙත් ඡන්දෙ ලඟයි වගේ... ඡන්දයක පෙර නිමිති... මහින්දගේ ඡන්ද සටන් පාඨය...
වහාම යෝජිත 'ථේරවාදී භික්ෂු කතිකාවත' පාර්ලිමේන්තුවට යොමුකර සම්මත කරගන්න! එමඟින් පැවිද්දට නුසුදුසු ක්‍රියාවල යෙදෙන්නන් ශාසනයෙන් ඉවත් කර ශාසනය සුරක්ෂිත කරගන්න පුළුවනි...!
නල්ල මලේ උරුමේ, හංදියක් හංදියක් ගානේ පිරිත් ඝෝෂාව නවත්තලා දාන්නකෝ.. මිනිස්සුන්ට පුදුම හිරිහැරයක්... පල්ලිවල ඝෝෂාවත් එහෙමමයි...
අනේ මේ... අපිට කුණුහරප කියවන්නේ නැතුව ඉන්න හලෝ...
බොහෝ හොඳ දෙයක් ගන්න රටේම උරුමය පොදියක් ගහගෙන බොරු ටිකක් ගොම මැටි ගා අමතක කර පසුව ඇමරිකාවේ හෝ අර ජෙට් යානාවලින් අරගෙන තියෙන දුපත්වල ගාන දාලා තියන්න රටේ මුදල් අයිතිය රටේ රජතුමා හට... ඒකටනේ අපි කතිරය ගසාගෙන යන්නේ, හැබැයි මේ රටේ ජනතාවට මහා උද්ධච්ච අවිජ්ජා ආශ්‍රව ක්ෂය වීම අනිවාර්යයි. ඒ නිසා යනවිට සුනාමි මුදල්, ඩේසිගේ මැණික්, නිධන් ධනය, පැන්ඩෝරා පෙට්ටියේ මුදල්, කොමිස් මුදල්, මත් ද්‍රව්‍යවල මුදල්, මෙකී නොකී සේරම අර ජෙට් යානා උපයෝගී කරගෙන අරගෙන යන්න. අර උගතුන් වන, රත්තරන්, බටු තිස්ස, කබ්බරාළ, බේත් කෙහෙලිය, ඌරු ප්‍රසන්න, ඌරු කටා ගොවි ඇමැති, ආර්ථික අසංවර්ධන ඇමැති, විශේෂයෙන් මන්ද බූද්ධික පවුලේ සාමාජිකයින් රැගෙන අරගෙන යන්න.
උරුමේ රකිනවා තියා දානේ වේලක්වත් දීගන්න විදියක් නැහැ. කෑම ගිනි ගණන්, ගෑස් නැහැ. ගෑස් තිබ්බොත් ලයිට් නැහැ. නල්ලමලේ උරුමේ රැකිල්ල.
බුදුන් දවස වැඩ උන්නේ උන්වහන්සේගේ ධර්මය දැක ශාසනයට ඇතුළු වූ භික්ෂූන් වහන්සේලායි. වර්තමානයේ මෙරට වැඩිපුරම තිබෙන්නේ දුෂ්කර පළාත්වල ආර්ථික අපහසුකම් නිසා, පවුලේ දරුවන් ගණන වැඩි නිසා, කුටුම්බියේ ඇති අසමඟිකම් නිසා අවතැන් වූ නිසා හය හතර නොතේරෙන කුඩා දරුවන් පැවිදි කිරීමක්... මේ දරුවන් ධර්මය ඉගෙන ගන්නේ විෂය නිර්දේශයක් හැටියටයි. ඔවුන්ට ඇත්තටම නිවන් දැකීමේ වුවමනාවක් තිබෙනවද? හොඳින් සිතා බලන්න..! මෙය බලහත්කාරයක්...! ඔවුන්ට ලෝකය දැක, ජීවිත අත්දැකීම් ගෙන පසුව කැමැති නම් සසුනට ඇතුළත් වීමටයි මඟක් හැදිය යුත්තේ... කුඩා දරුවන් පැවිදි කිරීම නිසා එක්තරා අතකට සිදු වන්නේද ශාසන පරිහානියක්...!
ඒකනම් අපට දැන් හොඳටම පෙනෙන්න තියෙනවා මහත්තයෝ... ඉස්සර වෙලාම කියන්න අයියට ඔය මිථ්‍යාදෘෂ්ටිය ඔලුවෙන් අයින් කරගෙන පිරිසිදු දහම පිළිපදින්න කියලා. එතකොට කොහේවත් නැති පූජකයින් ප්‍රකෝටිපතියන් කරන්න බරට බරක් රත්තරන් පූජාකරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කලින් වගේ අපේ ඒවා ගන්න අමාරු නිසා පිටරටවල් වලින් ජෙට් යානා ගෙන්වාගෙන විශාල මුදලක් වියදම් කරගෙන එහෙ මෙහෙ වන්දනාවේ දුවන්න වෙන්නෙත් නැහැ. රටටත් හොඳයි, සාක්කුවටත් හොඳයි. මොන ක්‍රමේට හරි කොහෙන් ගසා කෑවත් රටේ සල්ලිනේ මහත්තයෝ... එතකොට ඔය නඩුවලට නොමිලේ පෙනී ඉඳලා තොරතුරු සේරම දැනගත්තාට පස්සේ අවමාන, තර්ජන කරයි කියලා බයෙන් දීපු තනතුරු එහෙම තියෙනවා නම් ඒවත් නැති කරලා දාන්න. සිංහල බෞද්ධකම පට්ට ගැහිල්ල නවත්වලා ඒ වැඩේ අවංකව හරියට කරනවා කියලා පෙනෙන්න මොනවාහරි දෙයක් කරන්න. හමුදාවේ බටයින් ලවා "බෞද්ධ ඩිස්නිලන්ත" හදවනවා වගේ ඇස්බැන්දුම් වලින් නම් වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ. තව වැඩි කාලයක් නෑනේ...
මෙන්න ආයෙත් සැරයක් කියනවා...
ඔබතුමාගේ උත්සාහයට ජයවේවා.., අපි බලාපොරොත්තු වෙන්නේ සුද්දන් මෙතනට ගන්න කළින් අපිටම උරුම වූ අපේම දේවල් නැවත ලබාගැනීම... නැතිව පන්සල් හැදීම, හුණු ගෑම වගේ දේවල් නෙවෙයි.
අර පරුෂ වචන කියන චීවරධාරියාට දුන්නු තනතුර ගලවන්න පුළුවන්ද?
රට විනාශ කරලා සම්පත් චීනෙට විකුණලා ආර්ථිකය නැතිකළා. ඉතිහාසයේ දුර්වලම සහ අසාර්ථකම පාලකයා. ඒ නොහැකියාව වහගන්න ආගම පෙරට දැම්මට වැඩක් නෑ. හේතුව මිනීමරුවන් නිදහස් කරලා ඔවුන්ට තනතුරු දුන්නෙත් මෙයාමයි. මේ නමවත් නැවත ලංකාවට එපා.
සිංහල, බෞද්ධ උරුමය ඉස්සරහට දාලා ආයේ ජනතාව අන්දවන්ඩ වගේ හදන්නේ.
දැන් කොහෙද ඔය කියන බෞද්ධ රට තියෙන්නේ. අපත් ලංකාවේ.
2022 වර්ෂය තුලදීම නුදුරු අනාගතයේදී රාවණා නිරිඳුන් මහා නිද්‍රාවෙන් අවධි වෙලා භාවනායෝගීව ඉන්න හිමාලයට වඩිනවා. එයින් දෙපෝයක් ගෙවෙන්න මත්තෙන් දියසෙන් කුමරු ( ඔරිජිනල් ) පහල වෙනවා. එම පාලනය ගැන පසුව සවිස්තරව ලියමි. නාථ දෙවියන්ගේ පින් මහිමයෙන් සියළු රෝග ව්‍යාධි දුරු වෙනවා. එයින් මත්තට මුළු පෘථිවි ධාතුවම පාලනය වන්නේ මේ සිරිලක් බිමෙන් විහිදෙන දියසෙන් ආඥා බලයෙන්. කැළණි ගං පතුලෙන් මතුවන නාගයන් දේශයේ මතු මුර දේවතාවන් වන අතරම අරහතුන් වහන්සේලා දශ ලක්ෂ ගණනින් බිහිවෙන කාලයක් උදා වෙනවා. අවසානයේ මිත්‍යා මත පරදා බුදුන් උපන්නේ ලංකාවේ බව රාවණා තම දූතයන් මඟින් යුනෙස්කෝව දැණුවත් කරනවා. සියළු දෑ අවසානයේ හෙළ වාසීන්ගේ පරමායුෂ වර්ෂ 120 දක්වා ඉහල යනවා. ඔබ සැමට පරලොව ඉන්නා නෑ හෙල යකුන්ගේ පිහිටයි ! අනන්ත වූ විශ්ව ශක්තියේ පිහිටයි !
දියසේන යනු දියෙන්එන සෙනෙවියාට කියන නාමයකි. මෙරට මිනිසුන් හිතන දියසේන යනු මෙරට වැසියෙකු නොවේ. ඒ වනාහි ඉන්දියාවට සහ ඇමෙරිකාවට එරෙහිව චීනය මේ සාගර කලාපයට එවනා මහා යුද්ධ නෞකා බලඇණියේ ප්‍රධාන අණ දෙන නිලධාරියායි. හෙතෙම රුහුණු මාගම්පුර වරාය කේන්ද්‍ර කරගනිමින් තම වාසස්ථානය තනවා පසුව පෝර්ට් සිටියේ තම උපායික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවා මේ ද්වීපය තුළ තම බලය පතුරුවා හරියි. සැබැවින්ම මේ චීන ජාතිය මේ රට දියුණු කරන අතරම අනාගතයේදී කණ අත්සන පවා චීන භාෂාවෙන් තබන්නට දියසේන අණ කරනවා ඇති.
බෞද්ධ උරුමය රකින්න තමා මාසෙට සැරයක් තිරුපති කෝවිලට දුවන්නෙ.
හැමෝගෙම වගකීම පාලකයින්ට කඩේ යාම නොව හරි මග පෙන්වීමයි.
සිංහල බෞද්ධ උරුමය විනාශ වී නැත
එක ජාතියේ අවශ්‍යතාවයක්?
සිංහල බෞද්ධ උරුමය රැකුනොත් රටේ ක්‍රිස්තියානි උරමය රැකෙයි.
මගේ ජිවිත කාලෙටම මෙතෙක් දැකපු අනුවනම හා රුවිතෙට වැඩ කරන කෙනා නේද.
ඉස්සෙලම ජනතාව රැකිය යුතුය.
පව්. බැරිකම වහගන්න මෙයා ආයෙත් සිංහල බෞද්ධ කියලා බයිලා කතාවක් ගේන්ඩ හදනවා.
ඒක හොඳයි