IMG-LOGO

සහල් ගැන ඇමතිගෙන් සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

ඉදිරියේදී සහල් මිල තව අඩු වීමට හැකියාව තිබෙන බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වවුනියාව, මුලතිව්, අම්පාර වැනි ප්‍රදේශවල වී අස්වනු නෙලමින් සිටින අතර එම වී සහ සහල් ඉදිරියේදී වෙළඳපොලට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා කීය.

මෙි වන විට  වී මිලත් අවම වෙමින් තිබෙන අතර යල කන්නයේ වී මිලදී ගැනීමට සූදානම් වන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.  ඉදිරි කාලයේ  රටේ සහල් හිඟයක් ඇති වෙන්නේ නැති බවද අමාත්‍යවරයා පැවසීය.

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන ලද "PMB Rice" සහල් අලෙවිසැල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (27) විවෘත කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව කීය.

මිල්කෝ සමාගමේ නිෂ්පාදන අලෙවිසැලක් ද, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොල්, පොල්තෙල්, කිරි ඇතුළු නිෂ්පාදන ජංගම අලෙවිසැල ද එම පරිශ්‍රයේදීම මෙදින විවෘත කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස්, මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරු ද මීට සහභාගී වූහ.



අදහස් (3)

සහල් ගැන ඇමතිගෙන් සහතිකයක්

චන්දන Monday, 27 June 2022 02:34 PM

පච කෙලින්න එපා මහත්තයා. 150 ට අරගෙන 175ට හාල් දෙන්න පුළුවන්ද? ඉදිරියෙදි 250ක් දක්වා යනවා ස්ථිරවම...! 

:       5       4

mp Monday, 27 June 2022 06:30 PM

දේශපාළු ඔක්කෝටම දෙයියන්ගේ හාල් කැවිලා...!

:       1       2

Bamunuarachchi Wednesday, 29 June 2022 09:12 AM

ඒ අස්වැන්න මොල් කාරයින්ට විකුණන ගොවියන්ට රජය සහනාදාර පොහොර දෙන්න එපා. සහනාදාර පොහොර දෙන්න රජයට වී වික්ක කුවිතාන්සි පෙන්වන්න කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site