
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී ඇප මත මුදා හැර සිටී සහරාන් හසීම් නැමැත්තාගේ මස්සිනා කෙනකු කුලියාපිටිය කටුපොත ප්‍රදේශයේ සිට මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ මවුපියන් ගේ නිවසට පැමිණ සිටියදී කොච්චිකඩේ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මේ සමඟම ඔහුගේ බිරිඳ ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නමැත්තා ගේ බිරිඳ වන පාතිමා නමැත්තියගේ සහෝදරයකු බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඇති වූ සැකයක් මත මෙම අඹු සැමි යුවල අත් අඩංගුවට ගනු ලැබුවේ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2019 වසරේ සිට රිමාන්ඩ් භාරයේ පසුවී 2022 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා මහාධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී අයකු යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය තම රාජකාරිය හරියට කරනවා... නමුත් රටේ පවතින දුර්වල නීති පද්ධතිය නිසා පොලිසියේ වෙහෙස අපතේ යනවා. වැරැදි කරුවන් ගෙදර යනවා...
පතොරම් දෙකක් පාවිච්චි කරන්න බැරිද ගල්වලකට ගෙනිහින්...?