(ඉන්දිකා රාමනායක, පී ශාන්ත.බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
ප්‍රාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරුවන මොහොමඩ් සහරාන් ඇතුලු ඝාතකයින් සමග සම්බන්ධකම් පැවැත්වීම සහ සහරාන්ගේ අන්තවාදි පන්ති වලට සහභාගි වීම සම්බන්ධයෙන් සැකකරුවෙක් මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ මහනුවර ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු මත පෙරේදා (2) සවස ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 25 හැවිරිදි පුද්ගලයෙකි.
පාස්කු දින ප්‍රහාර මාලාවේ සැකකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති මෙම සැකකරු හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ දී මොහොමඩ් සහරාන් නැමැත්තා විසින් පවත්වාගෙන ගිය අන්තවාදී දේශන ඇතුළත් පුහුණු කඳවුරකට ද සහභාගි වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
අන්තවාදී කටයුතු වලට ආධාර අනුබල ලබා දීම, තොරතුරු වසන් කිරීම යන කරුණු වලට මොහු සම්බන්ධ බවට විමර්ශන වලදී හෙළි වී නිසා සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මොහු රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd