IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සිංහරාජයේ ෆයිනස්-ඇකේසියා ඉවත් කර ස්වාභාවික වන වගාවක් අරඹයි

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

සිංහරාජ වනාන්තරයේ ෆයිනස් හා ඇකේසියා ගස් ඉවත් කර ස්භාවික වන වගාවක් ආරම්භ කිරිමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .

මේ දිනවල වගා කිරීමට සුදුසු ශාක රෝපණය කිරීම ආරම්භ කර ඇති බවද කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .

විදේශීය ශාක වන ෆයිනස් හා ඇකේසියා අතීතයේ වගා කර ඇත්තේ අනවසර හේන් ඉඩම් හා සිංහරාජ වනාන්තරයේ මායිම් ආරක්ෂා කර ගැනීමට බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .

 සිංහරාජ වනාන්තරය අවට හෙක්ටයාර 600 ක් පමණ ෆයිනස් වගාවත් හෙක්ටයාර 50 ක් පමණ ඇකේසියා වගාවත් ඇති බවත් එම වගා වැද්දගල බීට්ටුව,කුකුළේගම බීට්ටුව ,රඹුක බීට්ටුව ,කලවාන බීට්ටුව යන ප්‍රදේශවල ඇති බවත් එම ගස් ක්‍රමයෙන් ඉවත් කරමින් ස්භාවික වන වගාව කිරිමට නියමිත බවද කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .

මෙම වැඩපිළිවෙළ සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිරිවැය දරන අතර ඉවත් කරන දැව දැව සංස්ථාව වෙත ලබා දීමට නියමිත බවද කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .මෙම දිනවල ඉවත් කරන ෆයිනස් හා ඇකේසියා ගස් සලකුණු කිරීම ආරම්භ කර ඇති බවද කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .



අදහස් (1)

සිංහරාජයේ ෆයිනස්-ඇකේසියා ඉවත් කර ස්වාභාවික වන වගාවක් අරඹයි

චින්තක Wednesday, 21 July 2021 07:24 AM

රක්වාන සූරියකන්ද මාර්ගය අවටත් ෆයිනස් වගාව සිදුවෙලා තියෙනවා.. එම පෙදෙසේත් මෙය ක්‍රියාත්මක කළොත් වටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 390 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site