(ඩයනා උදයංගනී)
හෝටලයක් ඉදිකිරීමේ සුදානමක් ඇතැයි කියන සිංහරාජ වනාන්තරයට අයත් ඉඩමේ ඔප්පුවල නිරවද්‍යතාවය පිළිබඳ පුර්ණ විමර්ශණයක් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම අක්කර හතක ඉඩම සම්බන්ධව රජයේ වර්තමාන ස්ථාවරය වන්නේ එය කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම බව කී ඇමතිවරයා එම ඉඩමට අමතරව තවත් අක්කර 1500ක් පමණ බිම් ප්‍රමාණයක් පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ද සඳහන් කරයි.
එම ඉඩමේ වටිනා ගස් තිබුනි නම් ඒවා කපා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගෙන නොමැති බව තහවුරු වී ඇතැයි කී ඇමතිවරයා එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ද ඒ සඳහා අනුමැතියක් ලබා නොදුන් බව තහවුරු කර ඇතැයි සඳහන් කරයි.
මෙම ඉඩමට අයිතිය ප්‍රකාශ කරන තැනැත්තන් ඔවුන් එහි නිවාස ඉදි කරන බව පැවසුවත් සංචාරක හෝටලයක් ඉදි කිරීම සඳහා ඉඩම හෙළිපෙහෙළි කරන බව වාර්තා වී ඇතැයි කී ඇමතිවරයා නිවාස ඉදිකිරීමට බව කියමින් හෝටලයක් ඉදිකිරීම යනු නිලධාරින් හා වගකිව යුතු ආයතන නොමග යැවීමක් වන අතර එය බරපතළ වරදක් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති දැන්ද මේ ගැන හොයා බලන්නේ...? මැණික් මුදලාලිගේ බෑනගෙන් " යමක් " ලැබුණොත් කටවහගනිවි. දැන් ප්‍රශ්නය ඇවිලිලා ඉවරයි. ගමේ මිනිස්සු ඔක්කොම අවධානයෙන් ඉන්නේ. ඔය හෝටලය හැදුවොත්, බලයට පත්වෙන මීළඟ රජයක් යටතේ එය බිමටම සමතලා කරනවා වන්දි නැතිව. ඒක ස්ථිරයි.
භාග්‍යා දුවට අපේ උත්තමාචාරය.. ශ්‍රී ලංකා රජය ගැන නම් ලැජ්ජයි.
සිංහරාජ හෝටලේ ගැටලුව පමණක් නොව විශාල වී මෝලක් සඳහා විදුලි බලය ලබාදීමට පසුගියදා විශාල වටිනා ගස් 3000කට අධික ප්‍රමාණයක් කපා දැමීමට සූදානම් බව මාධ්‍ය හෙලිකරනලදී. අධිබලැති විදුලිය ලබාදීමේදී දියුණු රටවල මෙන් පොළව යටින් විදුලිය ලබාදීමට කටයුතු නොකරන්නේ මන්ද? නොදැනුවත් බව නිසාද? නොඑසේනම් කැපීමටත් පෙර කෝටි ගණනකට මේ වනවිට ගස් 3000ම විකුණලාද? මෙම ගස් කැපීම සහ විදුලිය ලබාදීම පිළිබඳව නිලධාරීන් ප්‍රකාශ නිකුත් කරන ලද්දේ විශාල ගසක යට සිසිල් සෙවනේ සිටයි.
මේ සිදුවීම් ගැන පරිසර ඇමති ක්‍රියාත්මක වෙනවා හොඳටම මදි. පරිසර ඇමති ඉන්නේ හරියට විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වගේ...
ඔය ඉඩමේ පත්තීරු පරීක්ෂා කළාම ඉස්සර සිංහරාජයට අයත්ව තිබූ පස්සේ 1997 දී හොර ඔප්පු හදලා පවරාගත්ත ඉඩමක්ලු. 1997ට කලින් කිසිම හිමිකරුවෙක් ඉඳලා නැහැලු. ඔය රට වගේ පුද්ගලික ඉඩම් කියලා කපන කැලෑවල තත්වයත් ඕකම තමයි.
ලෝකයේ ආරක්‍ෂිත වනාන්තර ගතහොත් සිංහරාජ වනාන්තරය මේ තරම් කුඩා වෙනකම් විනාශ කරන්නට ලාංකිකයින් ඉඩ දුන්නා. දැන් සැතපුම් කිහිපයක් විතරයි තියෙන්නේ. සිංගප්පූරුවේ ආරක්‍ෂිත වනාන්තර ගානට මේක සුනඛරාජ බවට පත්වෙලා. කරුණාකර පාරවල් රහිතව සැතපුම් පහකටවත් ඉඩ ඇති කොටසක් ආරක්‍ෂිත ප්‍රදේශයක් කර ඉඩම් අත්පත් කරගන්න. අනාගතය වෙනුවෙන් මේකවත් කරන්න..
මහින්ද අමරවීර මහත්තයා. මේ කාපාලුවන් එක්ක සටන් කරන එක පහසු නැහැ කියලා ඔබ දන්නවා. අපිත් දන්නවා. නමුත් ඔබ විෂය බාර ඇමැතිවරයා වශයෙන් මේ සාහසික අපරාධන නවත්වන්න ක්‍රියා කරනවා නම් ජනතාව ඔබ සමගයි කියලා ඔබට පෙනේවි.