(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම  හෙට 10 වනදා සිට ලබන 16 වනදා දක්වා දින හයක් වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්‍යාලය පැවසීය .

නව අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙලෙස දින හයක් සිංහරාජය වනාන්තරය වසා තැබෙන බවත් 16 වනදා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සදහා වනාන්තරයේ ප්‍රධාන පිවිසුම යළි විවෘත කෙරෙන බව සිංහරාජය වන පාලක එස් . ඩි නිමල් මහතා පැවසිය. ඒ නිසා සිංහරාජය වනාන්තරය නැරඹීමට කුඩව පිවිසුමෙන් එම දිනවලදී පැමිණෙන සංචාරකයන් සදහා නොහැකි බවත් වන පාලක එස් . ඩී නිමල් මහතා පැවසීය.