( එස්.ඩි. කොඩිකාර )
කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය මගින් ලබාදෙන රුපියල් 5000.00 දීමනාව සහ එළවළු බීජ ඇට ලබාදී නැවත යතුරුපැදියෙන් පැමිණෙමින් සිටි කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජකාරියෙහි යෙදී සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට ප්‍රතිලාභි යකුගේ සොහොයුරකු පල්ලෙගම ,කුඩගලහේන මංසන්ධියේ දී මුගුරකින් පහරදීම හේතුවෙන් ඔහු අද (18) ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව දෙනියාය පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව දෙනියාය මූලික රෝහලේ වාට්ටු අංක 05 ප්‍රතිකාර ලබන්නේ කොලවෙනිගම ග්‍රාම නිලධාරී වසමෙහි සමෘද්ධි සංවර්ධන නිලධාරියා වූ (48) හැවිරිදි එන්.ජී.ජනසන්ද මහතායි.
කොලවෙනිගම ග්‍රාම නිලධාරී වසමෙහි සමෘද්ධි ප්‍රතිලාභීන් කිහිපදෙනෙකුට එළවළු බීජ ඇට සහ සහනාධාර මුදල් ලබා දී නැවත යතුරු පැදියෙන් නිවෙස බලා ගමන් කරමින් සිටින අතරතුර පල්ලෙගම ,කුඩගලහේන මංසන්ධියේ දී යතුරුපැදිය ඉදිරියට මුගුරක් රැගෙන ආ පුද්ගලයෙකු "කෝ මගේ පන්දාහ දීපන් "යැයි පවසා දිගට හරහට හිසට සහ ශරීරයට පහරදුන් බවත් පසු ව සමුර්ධි නිළධාරියා යතුරු පැදියෙන් බිමට ඇදගෙන වැටුණු බවත් ඔහු පැවසීය.
පහරකෑමට ලක් සමෘද්ධි නිලධාරියාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ පහර දුන් පුද්ගලයාගේ පවුලට ද අදාළ සහනාධාර මුදල් ලබාදුන් බවයි .
කෙසේ වෙතත් සමුර්දි නිලධාරියාට පහරදුන් (36) හැවිරිදි ,කුඩගලහේන ,පල්ලෙගම ප්‍රදේශයේ පදිංචි සැකකරු අද (18) දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දෙනවට ගහනවද? නැතිනම් මෙ සල්ලි දීමෙදී මොකක් හරි ප්රශ්නයක් තියනවද?
දැන් ලංකවේ සහනාදාර බෙදන්න යන එකත් සැහෙන්න අවදානම් රැකියාවක්නේ..., සූ එකේ සත්තුන්ට කෑම දාන්න යනවා වගේ....
මෙච්චර කලක් ජිවත් උනේ ඔය 5000 තිබිලද ......? දැන්වත් පොළව කොටලා හිටවපල්ලකෝ... කන්න පුළුවන් දෙයක්... 5000 බල්ලට ගියාවේ කියලා.... අනේ මෙහෙමත් මිනිස්සු...
මේ සමෘද්ධිය තනිකරම වංචාවක්... සමෘද්ධිය සැබවින්ම ඕන අයට නෑ. තනිකරම දේශපාලන හිතවත් කම් මත දීල තියෙන්නෙ...
මේ ගැටළු වලට හේතුව විනිවිද බාවයෙන් තොරව පක්ෂග්රාහී ලෙස වැඩ කිරීම. අපිට පේනවනේ අපේ ගමවල කෙරෙන විදිය....
සහන ලැබෙන්නේ ඇත්තවශයෙන්ම ලැබිය යුත්තන්ටද. එසේ නැත්නම් යාවජීව පරපෝෂිතයන්ටද යන්න සිතා බැලිය යුත්තකි.