(සුජිත් හේවාජූලිගේ)
කිසිදු සහනයක් නොලබා විශ්‍රාම ගිය හා මිය ගිය සමෘද්ධි නිලධාරීන්ටත් සහන සැලසීමට කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
සමෘද්ධි නිලධාරීන් 14,000කට කෙටි කාලයකදී පත්වීම් ලිපි ලබාදී අවසන් කරන බව වීරවංශ මහතා 7062 කට දැනටමත් ලිපි දී ඇතැයිද ප්‍රකාශ කළේය.
පත්වීම් ලිපි ලැබීමෙන් පසුව වැඩබැලීමේ දීමනා ද ගත හැකිවන බවත් රජයේ සේවකයන්ට වැඩි කළ වැටුප මූලික වැටුපට එකතුවන බවත් ඔහු කීය.
වීරවංශ මහතා මේ බව පැවැසුවේ එම අමාත්‍යංශයේදී අද(28) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන.. කෝ මේ සිරිසේන...?
භාරකාර ආණ්ඩුවක් කිව්වා නේද? ඉතින් භාරකාර ආණ්ඩුවකට හැකියාවක් තියෙනවද නව පත්වීම් දෙන්න? ඒ වගේම ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අතර ඒ පිළිබඳව අධිකරණ තීන්දුව දීලා ඉවරත් නැහැ. ඉතින් මේවා නීත්‍යානුකූල වෙන්නේ කොහොමද? මීළඟ ඡන්දෙ ගොඩදා ගන්න කරන දේවල්ද මේවා? අගමැතිත්, ජනාධිපතිත් අනුමත කරනවද?
කලින් ඇමතිකම කරපු කාලේ කරන්න බැරි වුන දේවල් පැය 24 කරන්න ඕන වෙලා වගේ
විශ්‍රාම ගිය සමෟද්ධි නිලධාරී නෑයො එහෙම ඉන්නවද දන්නේ නැහැ .
බහුතරේ ඉන්නවා කියල කෑ ගැහුවට..... දැන් මේ අදුරේ අත්පොත ගාන්නේ!......