(රන්ජන් කටුගම්පොල)

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් බලය  සමානතා මූලධර්මය මත පදනම්ව ක්‍රියාත්මක කරන බවද රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධ පැමිණිලි ක්‍රියාත්මක කිරිමේ ප්‍රධාන මිනුම් දණ්ඩ වන්නේ සමානතා මූලධර්මයයි ඒ අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක ඉල්ලා ඇති සහනය ලැබීමෙන් පසු පෙතසමක් ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවක සඳහන් කර ඇත 

කෑගල්ල ශාන්ත ආනා විදුහලේ පළමු වසරට ළමයෙකු ඇතුළත් කර නොගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් පියකු විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට අවසර දීමෙන් පසු එම ළමයා අදාළ විදුහලට ඇතුළත්  කිරීමෙන් අනතුරුව අදාළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන මහතා සිය තීන්දුවේ මෙසේ සඳහන් කර ඇත

කුරුණෑගල  පදංචි චන්ද්‍රසේන මහගම මහතා විසින් ඔහුගේ පුත්‍රයා වන සෙත්විණ චන්ද්‍රසේන මහගම වෙනුවෙන් ගොනුකොට ඇති මේ පෙතසමේ වග උත්තරකරුවන් වශයෙන් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ විදුහල්පති චන්දන හපුආරච්චි පියතුමා ඇතුළු  නව දෙනකු නම් කරනු ලැබ ඇත 

මෙම පෙත්සම  අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන දිලිප් නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත  විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීණ

අනෙකුත් විනිසුරු දෙපළගේ එක ගත්තවයෙන් අගවිනිසුරු ප්‍රිති සුරසේන මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේ සඳහන්ය 

පෙත්සම් කරුගේ පියා  කෑගල්ල ශාන්ත ආනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි පෙත්සම් කරුගේ වැඩිමහල් සහෝදරයාද එම විදුහලේ ඉගෙනුම ලබයි 

පෙත්සම් කාර සිසුවා මෙම විදුහලේ පළමු වසරට ඇතුළත් නොකිරිම මගින් මූලික අයිතිවාසිකම් කඩවන ලද සඳහන් කරමින් එම විදුහල ට ඇතුළත් කරන ලෙස නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත

මෙම පෙතසම් 2019/6/26 විභාගයට අවසර ලබා දුන් අතර 2019/8/19 දින පෙතසම්කාර දරුවා අදාළ විදුහලේ පළමු වසරකට ඇතුලත් කර ඇත ඒ අනුව පෙතසමෙ ඉල්ලා ඇති ඇති ප්‍රධාන සහනය දැනට ලැබී ඇත එබැවින් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑම හුදෙක්ම ශාස්ත්‍රිය කටයුත්තකි 

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලය සමානාත්මතා මූලධර්මය මත ් පදනම්ව ක්‍රියාත්මක වේ.  

 අදාල පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමෙන් පසුව අදාළ සහනය ප්‍රධානය කර ඇති බැවින් ද වගඋත්තරකරුවන්ට එරෙහිව තවදුරටත් තහංචි පැනවීමට හේතුවක් නොමැත 

රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධ පැමිණිලි  සහ ඒ සම්බන්ධ අධිකරණය බලය ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ට ඇති මිනුම් දණ්ඩ වන්නේ සමානතා මූලධර්මයයි අදාළ වග උත්තර කරුවන් සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීම එම මූලධර්මයට එරෙහිව යෑමකි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ126(4) වගන්තියෙන් මේ සම්බන්ධයෙන් පැහැදිලිව සඳහන් කර ඇත 

වික්‍රම එදිරිය කොටි ගාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සහ තවත් අය පූර්ව දර්ශන නඩුවේදී ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද  සමයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ සිය  මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණය බලය ක්‍රියාත්මක කිරීම කටයුතු කරන්නේ නීතිය සහ සමානාත්මතා මූලධර්ම මත බවත් ය

යුක්තිය පරිපාලනය වන්නේ නෛතික රීති අනුව පමණක් නොව සමානතා මූලධර්මවලට  අනුකූලව බවත්ය 

ඒ අනුව  අදාළ සහනය ලබා ඇති බැවින් මෙම පෙතසම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවද පෙත්සම  ගාස්තු නොමැතිව නියෝග කරන බවද වැඩිදුරටත් සඳහන්ය 

පෙතසම්කරු වෙනුවෙන් නීතිඥ නිමල් හිප්පොළ මහතාගේ උපදෙස් පරිදි නදීෂානි ලංකාතිලක මෙනවිය සමග ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටියේ ය

නීතිපති වෙනුවෙන් රජයේ ජේෂ්ඨ නීතිඥ සබීනා අහමඩ් මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය