
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය නිලධාරීන්ගේ දේහයන් අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහරකින් රැගෙන එනු ලැබීය.
එමෙන්ම ගැටුමෙන් ජේලර් එස්. එච්. එස්. චන්ද්‍රවංශ , නියාමකවරුන්වන එස්. ඩි. එස්. අබේවංශ, ඒ. ඩි. තරංග, ටි. එම්. ආර්. තිලකසිරි , බි. එන්. එන්. තරංග, ඩි. ඩඩ්ලිව්. පුෂ්ප කුමාරහා ආර්. පි. ආර්. සංජීව මහත්වරු මිය ගියහ.
මියගිය එම සියලුම නිලධාරීන් කොළඹ වැලිකඩ හදිසි උපක්‍රමික බලකායේ (බන්ධ පොලිස්) නිලධාරීන්ය.
බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ මෙන්ම බන්ධනාගාර පරිශ්‍රය තුළ සුදු කොඩි වලින් සරසා තමන් සමග වසර ගණනාවක් එක බත්පතේ කා සේවය කළ සහෝදර නිලධාරියාට අවසන් ගෞරව දැක්වීමට සියලුම නිලධාරීහු එකාවන්ව පෙළ ගැසී සිටියහ.
එම නිසල දේහයන් වැලිකඩ බන්ධනාගාරයේ විශෝධන පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර උසස් නිලධාරීන් මෙන්ම සියලුම දෙනා සිය ආචාර්ය පුදකර සිය සහෝදර නිලධාරියාට අවසන් බුහුමන් දැක්විය.
පුරා පැය හතරකට ආසන්න කාලයක් එම නිලධාරීන්ගේ දේහයන් එම ස්ථානයේ තැන්පත් කර තිබීමෙන් අනතුරුව එම දේහයන් ඔවුන්ගේ ඥාතීන් වෙත නිවෙස් වෙත රැගෙන යාම සඳහා භාරදෙනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන ගහපිය මේ අපරාදය කල එවුන්ට