
(ගයාන් සූරිය ආරච්චි)
සහකාර පොලිස් අධිකාරීවරුන් 11 දෙනකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත ඉකුත් ඔක්තෝම්බර් මස 1 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් වීම් ලබා දීඇත.
ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත ඩබ්ලිව්.එම්.පී.එම්.විජේසූරිය, වයි.ඩී.ඒ. කුමාර, ජේ.ආර්.ඒ.එස්. සෙනෙවිරත්න, කොළඹ මධ්‍යම කොට්ඨාසයට අනුයුක්ත මීනුර සෙනරත්, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ එච්.එම්.අයි.එස්. නිශාන්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත සී.ඩ්බ්ලිව් .එම්.ටී.එස්. සේමසිංහ, කේ.ඩී.බී.පී. කුමාර, ඩ්බ්ලිව් .ටී. අනුරංග, එච්.ආර්. වෙදමුල්ල, මහනුවර කොට්ඨාශයට අනුයුක්ත ජේ.ඒ.ඕ. රන්දික සහ නුගේගොඩ කොට්ඨාශයට අනුයුක්ත ඒ.එල්.ඒ.එල්. රංග යන සහකාර පොලිස් අධිකාරීවරුන් පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි රෝහණ ඕලුගලට නැත්තේ? මම දන්නා හැටියට ඔහු 1994 වර්ෂයෙත් හිටියේ STF එකේ... I.P කෙනෙක් විදිහට. හැබැයි තාම ASP දක්ෂ නිලධාරියෙක්...