
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (2) සමත් විය.
සිම්බාබ්වේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම කැපී පෙනේ. මෙම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියවේදී ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකාව මේ වන විට මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සහභාගි වූ තරග හයම ජය ලබා අපරාජිතව ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවෙයි. ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගය ලෙස සිම්බාබ්වේට එරෙහිව බුලවායෝහිදී අද (2) පැවැති තරගයෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9 ක පහසු ජයක් ලැබූහ. ශ්‍රී ලංකා පිල ලකුණු 166 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 33.1 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක (නොදැවී 101) සහ දිමුත් කරුණාරත්න (30) ලකුණු 103 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.
පැතුම් නිස්සංක අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 102 කදී හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.
මහීෂ් තීක්‍ෂණ (25/4) සහ ඩිල්ෂාන් මධුසංක (15/3) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිම්බාබ්වේ පිල ලකුණු 165 කට සීමා කිරීමට සමත් වූහ.
සීන් විලියම්ස් පන්දු 57 කදී හතරේ පහරර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 56 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
සිම්බාබ්වේ පිල ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 165 (සීන් විලියම්ස් 56, සීකන්දර් රාසා 31, ඩිල්ෂාන් මධුසංඛ 15/3, මහීෂ් තීක්‍ෂණ 25/4, මතීෂ පතිරණ 18/2) ශ්‍රී ලංකා පිල ඕවර 33.1 කදී කඩුලු 1 ට 169 (පැතුම් නිස්සංක නොදැවී 101, දිමුත් කරුණාරත්න 30, කුසල් මෙන්ඩිස් නොදැවී 25)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් කොහොම තිබුණු රටකටද මේවගේ වුණේ?
ක්‍රිඩකයන්ට සුභ පතනවව නමුත් අපි සුදුසුකම් ලැබිමෙ වටයට සහභගි වෙන්නෙ 1979 ට පස්සෙ , මෙක ලජ්ජාවක් , අපෙ ක්‍රිකට් විනාශවෙන්න පටන්ගත්තෙ බුකි කරයො සහ ඔවුන්ගෙ ගෝයො ක්‍රිකට් පරිපලනයට පැමිනි දින සිට
පැටවු නිසා තමයි ප්‍රස්නෙ
පළවෙනි වටයෙන්ම ගෙදර...!
සිංහ පැටව්? ඒකද කවදාවත්ම නැතුව සුදුසුකම් තරග වලට ගියේ?
පහු ගිය කතා වලි වැඩක් නැහැ, එහෙනම් වෙස්ට් ඉන්ඩීස් අයින් වෙලාම ගියෙ,, සතුටුයි කොල්ලනෙ , කොහොම හරි world cup එකත් අරන් එන්නම බලන්න.
ඉස්සර ජාත්‍යන්තර තරගාවලිවලට ඔටෝ සුදුසුකම් ලබන අපි, දැන් ජාත්‍යන්තර තරගාවලියක් සෙල්ලන් කරන්න සුදුසුකම් ලබන්න සිදුවෙලා...
ක්‍රිකට් ගහන්න දෙන්නේ අන්තවාදීන්ට විතරක් නම්, ඇයි ලංකාවේ හරක් මෙච්චර මේ සෙල්ලම මත්තේ නැහෙන්නේ...? අඩු ගානේ අන්තවාදයට විරුද්ධව කතා කරන්නවත් හයියක් මේ අයට නෑනේ... ඔහේ කවුරුහරි ගහන එකක් බැනබැන බලන් ඉන්නවා...