
(අංජුල මහික වීරරත්න)
එකිනෙකට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනගමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෛපොංගල් දින පණිවිඩයෙන් පවසයි.
විපක්ෂ නායකවරයා මෙසේද කියයි.
බහු ජාතික, බහු ආගමික සහ බහු භාෂාමය සමාජයක පැවැත්ම තහවුරු වන්නේ ඒ ඒ ජාතීන්ගේ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කිරීමට සියලු දෙනා ම දක්වන කැපවීම මත ය. එමෙන් ම ඒ ඒ සංස්කෘතීන්ගේ හර පද්ධතින් නිවැරදි ව කියවා ගනිමින් කටයුතු කිරීම තුළ ය. හින්දු බැතිමතුන් ඉමහත් සතුටින් සමරන තෛපොංගල් උත්සවය අපට කියා දෙන පාඩම මැනවින් හඳුනා ගතහොත් එය අපගේ ජීවිතවලට ඉමහත් රුකුලක් වනු ඇත.
කෘතවේදීත්වය පිළිබඳ ව තෛපොංගල් උත්සවය අපට පසක් කරනුයේ සොබාදහමට, සතා සීපාවට පවා අපගේ ආදරය කරුණාව ගෞරවය හිමි විය යුතු බව යි. වර්තමාන ලෝකයේ අප මුහුණ දී ඇති ස්වාභාවික ව්‍යසන ගැටුම් සියල්ලට හේතුව සොබාදහම සහ මිනිස් සිත බරපතළ ලෙස විකෘති වීම යි. තෛපොංගල් සැමරුමේ දී අප සිහිපත් කළ යුත්තේත් අවබෝධ කරගත යුත්තේත් එම උත්සවයේ විවිධ අවස්ථාවන්හි දී සමරනු ලබන සංස්කෘතික අංගයන්ගේ යටි පෙළ අරුත යි.
මේ මොහොතේ අපගේ වගකීම වන්නේ එම දැක්ම හා දර්ශනය සමාජයට ලබා දීමේ මාර්ග හැකිතාක් දුරට පුළුල් කිරීම යි. පාසල, දහම් පාසල, පන්සල, කෝවිල, පල්ලිය, දේවස්ථානය මූලික ව ඒ ඒ ආගමිකයන්ට ආවේණික සංස්කෘතික හා ආගමික අවස්ථාවන් පිළිබඳ ව විධිමත් දැනුමක් ලබා දීමට නොපමාව පියවර ගත යුතු ය. එවැනි වැඩපිළිවෙලක් තුළ එකිනෙකාට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබේ.
තෛපොංගල් සැමරුමේ සැබෑ අරුත වටහා ගනිමින් මේ සංස්කෘතික මංගල්‍යය සැමරීමට සියලු දෙනාට හැකි වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා ප්‍රේමදාස යුගයක් හදමින් සහකම්පනය සහිත සමාජයක් හදන්නේ කොහොමද? ටයර්, පරාල, ඇණ, ධර්ම චක්‍රයට පොලු වගේ දේවල් එකතු කරලා තියාගන්න වෙයි. ලකී, ෆොනීගේ උපදෙස් සහ උපදෙස් වලට පාලනය ගෙන යයි. කොහොමත් බලයක් නම් මේ කපේ ලැබෙන්නේ නැහැ...
තාත්තත් හැදුවා ඒ වගේ එකක්. 67, 652න් අඩුම ගානේ 50,000ක් වත් අහිංසකයෝ සහකම්පනේට අහු වුණා...
පියා නම් 70000ට කම්පනය කළා.
තමන්ගේ පක්ෂයේ අය හරිනිට කියාපු බලු කතා ඇහුණේ නෑ වගේ ඉදලා, මෙතන බයිලා කියනවා.
මෙතරම් අගනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න එපා යැයි කී මේ වගේ තක්කඩි විපක්ෂ නායකයෙක් රටට වැඩක් නැත. මේ මිනිහාට පාර්ලිමේන්තුවට පැමිණීමටවත් ඉඩදිය යුතු නැති ජාතිය ගැන, අනාගතය ගැන දැනුමක් නැති නිකම්ම නිකමෙකි...
සතුටුයි, මාලිමාවේ වචනයක් ඕක, ඒකනේ කියන්නේ එතුමා ඒ ප්‍රතිපත්ති කාටත් පොදුයි...
තමුන්ගෙම පක්ෂයේ අයවත් හරියට යහමගට ගන්න බැරිව ඉන්න ළාමක ටින් ටින්ගේ කතා නම් වැඩක්ම නැහැ.