(ටෝනි කරුණානායක)
ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියක තිබියදී සොයාගත් කැමරාවක් යැයි සැකකරන උපකරණය උපයෝගී කරගනිමින් ඡායාරූප ලබා ගැනීමක් හෝ වීඩියෝගත කිරීමක් කළ හැකි නම් එහි පටිගත වන දර්ශන බාහිර උපකරණයක් මගින් හැසිරවිය හැකි ද යන්නත් එසේත් නොමැති නම් ගබඩා කළ හැකි ද යන්නත් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියම කළේය.
ගම්පහ පොලිසිය මගින් ගම්පහ නගරයේ පිහිටි "සිතුසර" නැමැති පුද්ගලික අධ්‍යාපන ආයතනයේ කාන්තා වැසිකිලිය මත තිබූ රතු පාට එල්.ඊ.ඩී බල්බයක් සහිත රවුම් සී.සී.ටී.වී කැමරාව , අගල් එකහමාරක් දිග කේබල් එකක් සහ පවර් බෑන්ක් එකක් නඩු භාණ්ඩ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් එකී උපකරණ රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙසට ඉල්ලා සිටියේය.
එකී උපකරණ රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙසට අධිකරණයෙන් නියම කෙරුණි .
නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති එම උපකරණය කුමක්ද ? එයින් සිදුකල හැකි කාර්‍ය්න් කුමක්ද?
මෙම උපකරණය මෙරට නිෂ්පාදිතද ?
එසේ නොමැති නම් විදේශීය රටක නිෂ්පාදිත එකක්ද ? යන්න ඇතුළු ප්‍රශ්නාර්ථ 06 කට අදාළ වාර්තාව කඩිනමින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියම කෙරුණි.
කාන්තා වැසිකිළිය තුළ සී.සී.ටි.වී කැමරාව සවි කළේ කවුද යන්න අනාවරණය වී ඇත්දැයි අධිකරණය පොලිසියෙන් විමසා සිටියේය .
කැමරාවක් සවි කළේ කවුද යන්න අනාවරණය වී නොමැති බව පොලිසිය අධිකරණය හමුවේ කීය.
සිද්ධියට පාදක වී ඇති වැසිකිලිය එම පුද්ගලික අධ්‍යාපන ආයතනයේ පරිශ්‍රය තුළ පිහිටා ඇත්නම් පාලන අධිකාරියට වගකීමෙන් කිසිසේත් බැහැර විය නොහැකි බව පැවසු අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් හරියාකාරව පරීක්ෂණ සිදුකර වගකිවයුත්තන් සිටින්නේ නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කළේය .
එම පුද්ගලික අධ්‍යාපන ආයතනයට පැමිණෙන දරුවන් , එහි සේවකයන් සහ දෙමාපියන් මෙන්ම පාලනාධිකාරිය ඇතුළු ගුරු භවතුන් රැසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව එම අවස්ථාවේ පොලිසිය අධිකරණය හමුවේ කීය .
ගම්පහ පොලිස් ස්ථානයේ නඩු මෙහෙයුම් අංශයේ කාන්තා පොලිස් පරික්ෂක ප්‍රියදර්ශණී සේනාරත්න මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය .
සිද්ධියට අදාළ නඩුව මාර්තු මස 28 වෙනිදා ට නැවත කැඳවීමට නියම කෙරුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd