(ඩි.ජී.සුගතපාල)
ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට ලබුදුව වෛද්‍ය පීඨ නිල නිවාස අසලදි පිහියෙන් ඇන ඇයගේ ජංගම දුරකතනය ද උදුරාගෙන පලාගොස් සිටි සැකකරු අත් අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. තුවාල සිදුකිරිම සඳහා යොදාගත් පිහියද කොල්ලකන ලද සිසුවියගේ ජංගම දුරකතනයද පොලිස් බාරයට ගෙන ඇත.
සිසුවියගේ බඩට පිහි පාර වැදි ඇති අතර ඇය මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.
සිසුවියද තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවියකි.
ඇය පසුගිය 21 දා පැවති විභාගයට පෙනි සිටිම සඳහා පැමිණ ඇති අවස්ථාවේ සැකකරු මෙසේ පිහියෙන් ඇන තිබේ.
එම සිසුවිය මෙම පුද්ගලයාට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස පිහි ඇනුම සිදු වී ඇති බව අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.
අක්මිමණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මධුරංග මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (25) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සිසුවියට පිහියෙන් ඇන්න කොල්ලා මාට්ටු