සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද ආශ්‍රිතව රිච්ටර් මාපක 4.8ක භූ කම්පනයක් සිදුවීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
යුරෝපයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්ද වන එට්නා පසුගිය සඳුදා සිට සක්‍රිය වී තිබේ.
භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුවූ බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
ගිනි කන්දෙන් අහස හා ඒ අවට ප්‍රදේශවලට අළු විසිවීම හේතුවෙන් කැටලිනා ගුවන්තොටුපලේ ගුවන් ගමන් අත්හිටුවා ඇත.
ආසන්න ගම්මානවල නිවෙස් ද අළුවලින් වැසී ගොස් ඇතැයි පැවසේ.
ගිනි කන්ද අවට පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
https://www.bbc.com/news/world-europe-46683091



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එට්නා ගිනි කන්ද පිහිටා තිබෙන කතානියා ඇතුළු නගර කිහිපයකම මිලානෝද ඇතුළුව, එක්තරා ඉතාලි ශ්‍රමිකයින්ව අවඥාවට ලක් කරපු කෙනෙක් ගායන සංදර්ශන පවත්වන්න යනවා. අපි මේවා වර්ජනය කල යුතුයි.
පිටිගල මම ඔබේ කතාවට සම්පූර්ණයෙන් එකඟයි. මිලානෝ දර්ශනයට නම් කවුරුත් යන්නේ නැහැ කියලා තමයි හැමෝම තරහෙන් කියන්නේ... ලොකු ආණ්ඩුවක් යයි වගේ...
ඔය කණ්ඩායම කියන සින්දු අහන්න අපි නම් යන්නේ නැහැ පිටිගල... දෙපැත්ත කැපෙන සින්දු කියන්නේ.
මිනිහට අලුතින් ගෙයක් හදාගන්න ගල් නම් නොමිලේ ලැබෙයි වගේ. ඉතාලි ලාංකිකයන් ගැන පුදුම ද්වේශයකින් මිනිහා අලුත් සින්දුව හැදුවේ. මම දන්නා කවුරුත් යන්නේ නැහැ... ඔය මිනිහට ආධාර කරන්න ෂෝ එකට...
කව්ද ඔයකියන කෙනා? අපි අාසයි දැනගන්න ඒ පාදඩයගේ නම.. කිනම් පුද්ගලයෙක් වුනත් වෙනත් රටවල සේවය කරන ශ්‍රමිකයින්ව අවඥාවට ලක් කරනවා කියන්නේ ඒ නිගන්ටයා අද දවසේ වේල පිරිමහ ගත්තේ කෙසේද? යන්න ගැන වැටහීමක් නොමැතිකම බව කිව යුතුය. ඔය මොන ජගතාටත් අප කියන්නේ අද දවස පමණක් නොව පසුගිය අවුරුදු පුරාවටම ශ්‍රමිකයින්ගේ ලේ කදුළු දහදියෙන් උපයාගෙන එවන ඩොලර් වලින් මුළු ලංකාවම බඩගින්න නිවාගත්තේ සහ ගන්නෙත් බව නොබියව අපි පවසමු.
අපි නම් යන්නේ නැහැ පිටිගල අයියේ..!
මෙම ගායකයාගේ ඇපත් නැතිවෙන්න කවුරුත් නොයායුතුයි. මෙම දර්ශන ඉතාලියේ විනෝද බද්දට හොරෙන් ද කරන්නේ කියා සොයා බැලිය යුතුයි.
අපේ සල්ලි බලාගෙන එන මෙවැනි අකෘතඥ ගායකයන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. කිසිම අධාරයක් දෙන්න එපා.