(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් විශාල පිරිසක් විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනයක් හේතුවෙන් දැඩි කලබලයට සහ භීතියට පත්ව සිටින හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
කොවිඩ් තත්වය සහ වෙනත් හේතු මත අපොස සාමාන්‍ය පෙළ දරුවන්ට තැපැල් හැඳුනුම්පත මෙන්ම විදුහල්පතිවරයා සහතික කළ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් විභාගයට පෙනී සිටීමට අවසර දුන් නමුත් වලංගු අනන්‍යතාව නොමැතිව විභාගයට පෙනී සිටි හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව දෙපාර්තමේන්තුව පසුගියදා දැනුම් දීමෙන් මෙම ගැටලුකාරී තත්වය මතුව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇතැයි පැවසූ ගාමිණී වලේබොඩ මහතා මේ හේතුවෙන් සිසුන් බොහෝ පිරිසක් සිය ප්‍රතිඵල අහිමි වේ දැයි දැඩි දෙගිඩියාවකට පත්ව සිටින බවද සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගයට පන් ලක්ෂ දාහත් දහසක් පෙනී සිටි අතර ඉන් හාර ලක්ෂයක් පමණ පාසල් සිසුන් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා:
ඒකෙ කිසිම ගැටළුවක් නැහැ. ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරගෙන යනවා.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සිසුන් බිය කළ ලොක්කන්ගේ තීරණය
කල්පනා Wednesday, 19 October 2022 06:00 PM
සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට රියදුරු බලපත්‍රය ඉදිරිපත් කරන්න කියන්නේ කොහොමද? මොකද ඒ වයස වෙනවිට රියදුරු බලපත්‍රය ගැනීමට වයස මදි නිසා. කවුරු හෝ උපදෙස් දෙනවිට කරන්න පුළුවන් විදියට උපදෙස් දෙනවා නම් හොඳයි..!