(රංජන් කස්තුරි)
කැලණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී ආරක්ෂක කැමරා ගැලැවීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 25දෙනාට වසර දෙකක පන්ති තහනමක් පනවා තිබේ.
මේ අතර හෙට(29) පෙරවරු 8.00 සිට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි.
සතිඅන්ත පශ්චාද් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලු විභාග නැවත දැනුම්දෙන තුරු කල් දමා තිබේ.
මේ අතර, සී.සී.ටී.වී කැමරා ගැලැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමටත් එම කැමරා නැවත කඩිනමින් සවිකිරීමටත් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තයන්ට ත්රස්තවාදීන්මයි පිළිතුරු දිය යුත්තේ...
දැන්වත් රතු ත්රස්තවාදීන්ගෙන් කැම්පස් දරුවන් මුදාගත යුතුයි. දැන්වත් අනෙක් සිසුන්ගේ දෑස් විවර වේවා...!!!
විය යුත්තේ මෙයයි. සමාජයෙන්ම රැල්ලක් එන්න ඔනේ රජයේ විශ්ව විද්‍යාල උද්ඝෝෂණ ඇතිවන විට දුටු තැනදීම විරුද්ධ වෙන්න. මොකද ඔවුන් ඉගෙන ගන්නේ අපේ බදුමුදල් වලින්...
මේවා රජයේ වියදමින් සවි කරලා තියෙන්නේ. හිතුවද දන්නේ නැහැ එයාලගේ බූදල් කියලා.
මහජන දේපල වලට හානි කිරීම සඳහා මේ දඬුවම මදි... මෙයා අවම වශයෙන් සදාකාලික පන්ති තහනමක් විය යුතුයි.
මේ අය දරුවෝ නෙවේ මරුවන්... අස්කරලාම දාන්න ඕනේ..
තව ටික දවසකින් ඔය අවුරුදු 2යි මාස 2ක් යනවා. ඊළඟට විශේෂ විභාගයකුත් තියෙනවා ... මෙයාලගේ මඟහැරුණු විභාග වෙනුවෙන්ම... අන්තිමට ලස්සනට උපාධිය නිකන්ම අරගෙන යනවා. එවැනි නිසි දඬුවම් නැති නිසා මේවා දිගටම තියනවා.
මේ නරුමයින් අහිංසක සිසුන් ලවාකැට සොලවා සොයන මුදල්වලින් සිදුවූ අලාභ හානිය මෙන් 300%ක් අය කරවාගෙන තව තවත් CCTV... කැමරා පද්ධති සවි කළ යුතුයි. හමුදා ආරක්ෂාව මෙම විශ්ව විද්‍යාලය තුළ ලබාදීම සහ යම් සිසුවෙක්ගේ නිදහසට පාර කපන සිදුවීම් වලදී එයට විරුද්ධව නැගී සිටීමට දෙමව්පියන් දරුවන් දැනුවත් කළ යුතුයි. සරලව විශ්ව විද්‍යාලය යනු හැකියාවන් සහ දැනුම ඔප මට්ටම් කරගන්න රාජ්‍ය ආයතනයක් බව සිසුන් විසින් දැනුවත් විය යුතුයි.
මොකද වර්ෂ දෙකක්? සදහටම පන්ති තහනම් කරන්නකෝ අපිට අමාරුද බලන්න... අපි විරුද්ධ වෙන්නේ නැහැ...