(තිළිණි ද සිල්වා)
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණෙන බව ස්විස් විදේශ දෙපාර්තමේන්තුව අද (20) සදහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් මහතා ඉදිරි දින කිහිපය ඇතුලත දිවයිනට එවීමිට කටයුතු කරන බවද ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයන් එරට විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකථන සංවාදයක් ඉකුත් 18 වැනිදා පවත්වනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මෙලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට " යන වැකියෙහි අර්ථය කුමක්ද යන්න නොදන්නා බැවින් කිසිවෙකු දන්නේ නම් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
ආං හොඳයි. නාට්‍යයේ මුල සිටම පැහැදිලි ලෙස පෙන්නන්න. මාර්තුවේ එළි දක්වන්න හදන නාඩගමේ පෙරහුරුවත් එතකොට පැහැදිලිව දකින්න පුළුවන් වේවි. තවත් හොඳයි අර ඇම කන අයවත් ගන්නලා පෙන්නන්න පුළුවන් නම්...
ඔය එන කෙනා කවුරු වුණත් අපිට මොකෝ? ඇවිල්ලා අපිට අහවල් එක කරන්න වෙන්න ඇති... නායකයා නියම පිරිමියෙක් කියලා දැන ගත්තම ආව වගේම ඉක්මනටම පල්ලම් බහීවි...
පළපුරුදු කාරයෙක් පැහැදිලි කරන්න එනවා කියන්නේ දැන් ඉන්න හාදයා වැඩේ අනාගෙන කියන එකද...?
මෙම ස්ත්‍රිය ලංකා පුරවැසියෙක්... මෙයාට බලපාන්නේ මෙරට නීතිය. මෙය ගැන ස්විස් ආණ්ඩුවට තිබෙන කැක්කුම මොකක්ද? මෙයා මේ නාට්‍ය හැදුවේ ස්විස් රජයට වුවමාවටද කියලා හුදී ජනයාට හිතෙනවා.