IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සංවර්ධනයට දෙන මුදල් අදියර තුනක් යටතේ

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කෙරෙන විමධ්‍යගත අරමුදල්, සංවර්ධන ව්‍යාපෘති සඳහා අදියර හතරක් යටතේ නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු හරහා ඉදිරිපත් කරන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී ඒවායේ ප්‍රගතිය අනුව මෙම මුදල් නිදහස් කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .

ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා විමධ්‍යගත අරමුදලෙන් සියයට තිහක් පළමුව නිදහස් කෙරෙන අතර,ඉතිරිය අදියර තුනක් යටතේ ලබාදෙන බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වසරකට රුපියල් ලක්ෂ 100ක මුදලක් විමධ්‍යගත අරමුදල් යටතේ මීට පෙර ලබාදුන් අතර, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන යෝජනාවකට අනුව එම මුදල මෙවර අයවැයෙන් රුපියල් කෝටි එකහමාර දක්වා වැඩිකර ඇත.

මීට පෙර විමධ්‍යගත අරමුදල් නිදහස් කිරීම වසර අවසානයේදී සිදුවිය.

විමධ්‍යගත අරමුදල් අදියර කිහිපයක් යටතේ නිකුත් කිරීම සුදුසු බව ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන අතර ,තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ කොටස් වශයෙන් නිකුත් කිරීම හරහා ව්‍යාපෘතිවල කටයුතු ප්‍රමාද වන බව ය.

 



අදහස් (2)

සංවර්ධනයට දෙන මුදල් අදියර තුනක් යටතේ

uk ran Saturday, 29 January 2022 12:03 PM

ඕකෙන් වෙන්නේ මන්ත්‍රී තුමාලගේ කොමිෂන් ගන්න පරක්කු වෙනඑක. පව්..! අහිංසකයෝ..!

:       1       4

ඉන්දික ලියනගේ Saturday, 29 January 2022 08:05 PM

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හරහා කරන ව්‍යාපෘතිවලට දැනුත් ත්‍රීවීලර් සඳහා සෙවණ සහිත නැවතුම්පළ ඉදිකිරීම් ගමේ ප්‍රධාන මාර්ග තිබියදී හිතවතුන්ගේ නිවාස වෙතට පාරවල් කොන්ක්‍රිට් කිරීම්, ගමේ සමිති සඳහා හට්, පුටු හා ශබ්ද විකාශය ලබාදීම වගේ දේවල් කරනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site