
(යොහාන් භාසුර)
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට එම මණ්ඩලය තීරණය කර තිබේ.
රාජ්‍ය ආයතන එකිනෙක අතර සබඳතාවයක් පවත්වා ගනිමින් කටයුතු කිරීමෙන් සෑම පාර්ශවයකටම වාසිදායක තත්වයක් නිර්මාණය වන බවත් දුම්රියේ ආදායම ඉහළ නංවා ගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයිපත් ප්‍රවාහනයට දරන පිරිවැය අවම කිරීමටත් එම වැඩපිලිවෙල ආයකවනු ඇති බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දුම්රිය නියාමකවරු, රියදුරන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම ජාතික වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට උපරීම සහයෝගය දක්වනු ඇති බවත් රටේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව දුම්රිය දෙපාර්තමේන්තුව සතු බැවින් ඉදිරියේදී මෙවැනිම තවත් පාර්ශවයන් සමඟ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ගිවිසුම් සඳහා එළබීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිළධාරීන් සමඟ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්ස රිදෙන්නම බිම ඇනිලා වගෙ. .ඇයි ඔය මොලේ ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් පහල වෙන්නෙ නැත්තෙ?
අන්තිම ගොන් වැඩක්. කෝච්චි පරක්කු වෙන හැටියට අද දිනුම් අදින ඒව හෙට තමා මිනිස්සුන්ට ගන්න වෙන්නෙ.
බන්දුලයා කිව්වොත් කියන්නේ මේ වගේ ගොන් කතා...!