(යොහාන් භාසුර)
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට එම මණ්ඩලය තීරණය කර තිබේ.
රාජ්‍ය ආයතන එකිනෙක අතර සබඳතාවයක් පවත්වා ගනිමින් කටයුතු කිරීමෙන් සෑම පාර්ශවයකටම වාසිදායක තත්වයක් නිර්මාණය වන බවත් දුම්රියේ ආදායම ඉහළ නංවා ගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයිපත් ප්‍රවාහනයට දරන පිරිවැය අවම කිරීමටත් එම වැඩපිලිවෙල ආයකවනු ඇති බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දුම්රිය නියාමකවරු, රියදුරන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම ජාතික වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට උපරීම සහයෝගය දක්වනු ඇති බවත් රටේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව දුම්රිය දෙපාර්තමේන්තුව සතු බැවින් ඉදිරියේදී මෙවැනිම තවත් පාර්ශවයන් සමඟ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ගිවිසුම් සඳහා එළබීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිළධාරීන් සමඟ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සංවර්ධන ලොතරැයි දුම්රියෙන් ප්‍රවාහනය කරයි
sharm warn Wednesday, 19 October 2022 01:55 PM
පස්ස රිදෙන්නම බිම ඇනිලා වගෙ. .ඇයි ඔය මොලේ ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් පහල වෙන්නෙ නැත්තෙ?
තරංග Wednesday, 19 October 2022 01:56 PM
අන්තිම ගොන් වැඩක්. කෝච්චි පරක්කු වෙන හැටියට අද දිනුම් අදින ඒව හෙට තමා මිනිස්සුන්ට ගන්න වෙන්නෙ.
sharm warnWednesday, 19 October 2022 04:36 PM
බොලේ ඒක සුපිරි කතාව...
fairoos Wednesday, 19 October 2022 04:38 PM
බන්දුලයා කිව්වොත් කියන්නේ මේ වගේ ගොන් කතා...!