
(පද්මා කුමාරී කංකානම්ගේ )
ආපදා වන්දි සඳහා ඉල්ලුම් කිරීමේ සිද්ධියක් පාදක කොට ගනිමින් ඇති වූ ආරවුලකදී ආර්ථික සංවර්ධන නිළධාරියෙකුට සාපරාධී බළහත්කාරය පෑම යන චෝදනාව යටතේ නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව ප්‍රදේශයේ දී කාන්තාවක අත්අඩංගුවට ගත් බැව් නොරොච්චෝල පොලිසිය පවසයි.
සැකකාරිය දලුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයට අයත් දලුව නිර්මපුර ග්‍රාමසේවා වසමේ සේවා පියස කාර්‍යාලය තුළ දී ඊයේ (9) දින මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ආර්ථික සංවර්ධන නිළධාරියෙකි.
මෙම කාන්තාව විසින් වගා හානි පිළිබඳව වූ වන්දි අයදුම්පත් කිහිපයක් ඉදිරිපත් කිරීමේ දී අදාළ නිළධාරියා විසින් යම් පැහැදිලි කිරීමක් සිදු කොට ඇත.
එම අවස්ථාවේ දී මෙම කාන්තාව විසින් පරුෂ හා අසභ්‍ය වචනයෙන් බැණ වැදී,පහරදීමට උත්සහ කළ බවට අදාළ නිළධාරියා විසින් පොලිසියේ පැමිණිල්ලක් සිදු කොට ඇත. එම අවස්ථාවේ එම වසමේ ග්‍රාම නිළධාරිවරයා ද එහි සිට ඇත.
සැකකාරිය පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ජී.එම්.පී.විමල සිරි මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇත්තිට පස්ස පැත්තට දෙකක් දීල සතියකට මහ උළු ගෙදර බත කන්න දෙන්න බැරිද?